IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


‘වට්ස්ඇප්’ පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවයි

ලොව පුරා සිටින සිය පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවාගොස් ඇතැයි ෆේස්බුක් සමාගමට අයත් ‘වට්ස්ඇප්’ පණිවුඩ හුවමාරු සේවාව නිවේදනය කළේය.

පණිවුඩවල පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා තවදුරටත් ශක්තිමත් පියවර ගන්නා බව ද ඒ බව නිවේදනය කරමින් ‘වට්ස්ඇප්’ පණිවුඩ සේවාව සඳහන් කළේය.

ඒ අනුව ශක්තිමත් ‘එන්ක්‍රිප්ෂන්’ ක්‍රමවේදයක් අවශ්‍ය බව ද එම සමාගම ස‌ඳහන් කළේය. ‘එන්ක්‍රිප්ෂන්’ යනු පණිවුඩ කේත බවට පත් කරන ආරක්ෂිත ක්‍රමවේදයකි. එමඟින් පණිවුඩවල පෞද්ගලිකත්වය සහ රහස්‍ය බව ආරක්ෂා වේ.

ෆේස්බුක් සමාගම 2014 වසරේදී ‘වට්ස්ඇප්’ පණිවුඩ සේවාව තමන් සතු කරගත් අතර අද වනවිට එය ෆේස්බුක් පවුලේ වැඩියෙන්ම භාවිත කෙරෙන මෘදුකාංගය බවට පත්ව තිබේ. කෙසේ නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු රාජ්‍ය රැසක් එම මෘදුකාංගයට පිවිසීමට දැනට වඩා වැඩි අවස්ථාවක් අවශ්‍ය බව අවධාරණය කර ඇත.

‘වට්ස්ඇප්’ මෘදුකාංගයට දැනට වඩා ශක්තිමත් ‘එන්ක්‍රිප්ෂන්’ ක්‍රමවේදයක් අවශ්‍ය බව පවසන්නේ රාජ්‍යවලින් එසේ බලපෑමක් එල්ල වී තිබියදීය.

‘‘අපි වැඩි වැඩියෙන් සම්බන්ධ වෙද්දි, ඊට දැනටත් වඩා ආරක්ෂාවක් අවශ්‍ය’’ යැයි ‘වට්ස්ඇප්’ පණිවුඩ සේවාවේ බ්ලොග් අඩවිය සඳහන් කළේය.

‘‘මේ නිසා තමයි බොහෝදෙනා අතිශය පෞද්ගලික පණිවුඩ යැවීමට ‘වට්ස්ඇප්’ භාවිත කරන්නේ. ‘එන්ක්‍රිප්ෂන්’ ක්‍රමවේදය මගින් වට්ස්ඇප් හරහා යැවෙන පණිවුඩවල රහස්‍යභාවය සහ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවා. එම ක්‍රමවේදය මගින් ඔබ වට්ස්ඇප් හරහා යවන තොරතුරු වෙනත් කිසි අයකුට ලබාගන්න බැහැ. අපරාධකරුවන්ට හෝ හැකර්කරුවන්ට ඒ තොරතුරු ලබාගන්න බැහැ’’ යැයි ද වට්ස්ඇප් සමාගම සඳහන් කළේය.

වට්ස්ඇප් හරහා කිසිදු මුදල් අයකිරීමකින් තොරව හඬ හා විඩියෝ ඇමතුම් ලබාගත හැක.

‘‘වත්මන් ලෝකයේදී ශක්තිමත් ‘එන්ක්‍රිප්ෂන්’ ක්‍රමවේදයක් අවශ්‍යයි. අපි ආරක්ෂාව සමඟ සෙල්ලම් කරන්නේ නැහැ. එහෙම කළොත් අපේ ආරක්ෂාව අඩු වෙනවා. ඒ නිසා ආරක්ෂාව සමඟ සෙල්ලම් කරන්න බැහැ. ඒ නිසා ‘එන්ක්‍රිප්ෂන්’ ක්‍රමවේදයක් අවශ්‍යයි.

ඒ නිසා දැනටත් වඩා ආරක්ෂාවක් ලබාගැනීමට අපි ලොව සිටින ඉහළම ආරක්ෂක විශේෂඥයන් සමඟ වැඩ කරනවා. තාක්ෂණය අවභාවිත කරන්න දෙන්න බැහැ. පෞද්ගලිකත්වයට හානියක් නොවී සිදුවීම් වාර්තා කරන්න ඉඩ තියෙන්න ඕනෑ. පාලනයක් තියෙන්න ඕනෑ’’ වට්ස්ඇප් සමාගමේ බ්ලොග් අඩවියේ දැක්විණි.

055



අදහස් (1)

‘වට්ස්ඇප්’ පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 2 ඉක්මවයි

eresh Skumara Thursday, 13 February 2020 10:57 AM

අවුරුදු 50 වඩා කාලයක් ලොව බොහෝ රජයන් ‘එන්ක්‍රිප්ෂන්’ ක්‍රමවේදයත් එක්ක... එක් සමාගමක් සමග රහස්‍ය කටයුතු කරන්න පටන් ගත්තා. ඒ සමාගම තමයි Crypto AG කියන ස්විස් සමාගම. 21 වැනි සියවස වනවිට රටවල් 120ක් පුරාතම අාධිපත්‍ය රැකගැනීමට මෙම සමාගමට හැකිවුණා. පසුව කවුරුත් නොදන්නා දෙයක් ලොවට හෙළිවුණා. ඒ තමයි මේ සමගම ජර්මානු බුද්ධි අංශය එක්ව කටයුතු කරන බව... 1990දී CIA මෙහි සම්පූර්ණ කොටස් මිලට ගනු ලැබීමත් සමග සියලු ගැටළු මතුවූ බව මගේ මතයයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 538 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 329 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site