IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘ලෝක නායකයින්ගේ දුර්වලතා නිසා කෝවිඩ් 19 පැතිරීම වේගවත් වෙලා’

ලෝක නායකයන්ගේ දුර්වල මඟපෙන්වීම සහ ජනතාව වෙත ලබාදුන්  "අපැහැදිලි" පණිවුඩ හේතුවෙන් කොවිඩ් ව්‍යාප්තිය වේගවත් වූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කර සිටී.

 

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක්කෝටි තිස් දෙලක්ෂය ඉක්මවාගොස්, මරණ පන්ලක්ෂ හැත්තෑ හය දහස් හාරසියයක් වාර්තා වන පසුබිමකය එම සංවිධානය මේ බව අවධාරණය කර ඇත.

 

කොවිඩ් පාලනය සඳහා රජයන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගන්නේ නම් ඉදිරියේ දී ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය තව තවත් බැරෑරුම් වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ එහි ප්‍රධානී ටෙඩ්රොස් ඇඩ්නම් ගේබ්‍රියාසෙස් කියා සිටී.

 

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ රාජ්‍ය නායකයින් ජනතාව හමුවේ සිදුකළ අවිධිමත් හා අනවබෝධය පතුරන ප්‍රකාශ හේතුවෙන් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් ජනතාව තුළ පැහැදිලි ආකල්පයක් ගොඩනැංවීමට අසීරු වී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ගෝලීය ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ සිය නවතම වාර්තාව එළි දක්වමින් සඳහන් කර ඇත්තේ පවතින තත්ත්වය යටතේ 2030 වසරේදී ගෝලීය දරිද්‍රතාව තුරන් කිරීමේ ඉලක්ක සපුරාගැනීම තවදුරටත් සිහිනයක් වනු ඇති බවය.

 

(ගාඩියන්  ඇසුරෙනි)

(125)

 

 



අදහස් (2)

‘ලෝක නායකයින්ගේ දුර්වලතා නිසා කෝවිඩ් 19 පැතිරීම වේගවත් වෙලා’

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 15 July 2020 10:41 AM

WHO එකේ ප්‍රධානියා මේ වෛරස් සම්බන්ධයෙන් පෙරදි කීවේ, මේ වෛරසය ගෝලීය වශයෙන් ලොව පැතිරෙන්නේ නැති නිසා එයට බියක් තබාගත යුතු නොමැති බවයි. අද කියන්නේ වෙනත් දෙයක්.. සමහර රටවල්වල දේශපාලනඥයින් සෞඛ්‍ය ක්‍රමවේද හරි හැටි භාවිතා කළේ නැති බව ඇත්ත.. ඒත් ඔවුන් මෙන් නොව මේ ප්‍රධානියාට සෞඛ්‍ය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමේදී විශේෂ වගකීමක් තිබෙනවා. අද චැනල් එකක දැක්කා එක්තරා විද්වතෙකු කිව්වා දැනට වසර 100කට පමණ පෙර තිබූ වෛරසයක් නැවත මතුවුණා කියා ඇලස්කාවෙන්. වෛරස් සහිත මෘතදේහවලින් එසේ වූ බවත් සඳහන් වුණා. ඒ විද්වතා පැවසූ ආකාරයට මෘතශරීර වැළලීමෙන් වසර 100ක් ගියත් වෛරසය නැවත බලවත් වෙනවලු. මෙයින් පෙනී යන්නේ අධික උෂ්ණත්වයකට ලක්කොට මෘත ශරීරය දැවීමෙන් වෛරසය විනාශ වන බවයි. මෙය මාගේ අදහස පමණක් නොවේ. ඉහත විද්වතාගේ අදහසයි. එය සත්‍යයක් බව ඔප්පු වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුදැනුම පිට දහස් ගණන් මෘතශරීර භූමදානය කිරීම නිසා තවත් කල් ගොස් මෙවැනි වෛරස පොළව මතුපිටට පැමිණිය හැකියි නේද..? ඇලස්කාවේ මේ සිද්ධිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානයට යොමුවී ඔවුන් විසින් සත්‍යය ලොවට පැවසිය යුතුයි නේද?

:       0       105

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 15 July 2020 02:05 PM

ලොව ඉදිරි කාලයේදී මනුෂ්‍ය වර්ගයාට විශාල වසංගත රෝග ආදියට මුහුණදීමට සිදුවෙතැයි මේ පවතින වාතාවරණය උඩ උපකල්පනය කළ හැක්කේය. එසේ හෙයින්, මා මළත්, කවුරු මළත්, අපගේ ශරීරවලට වෛරසය ඇතුළු වී ඇත්නම් එම මෘත ශරීර මනුෂ්‍ය වර්ගයාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන්, අප කුමන ආගමකට ජාතියකට කුලයකට අයත් වුවත් අධික උෂ්ණත්වයේ දවා වෛරසයෙන් රහිත ලොවක් නිර්මාණය කිරීමට අපගේ අවංක කැමැත්ත ලබාදෙමු. අප මිය ගියත්, අපගේ මෘත ශරීරයට මනුෂ්‍ය වර්ගයාගේ යහපත වෙනුවෙන් කුමක් වුවත් කම් නෑ නේද? මා මේ සිතන විදිහට ලෝකයේ අනිත් අයත් සිතනවා නම්.. අපගේ අනාගත පරපුර මේ වැනි රෝගවලින් සුරක්ෂිත වේවි නේද? අප මල පසු මිනියටත් ආදරය කරමින් සිටිනවාට වඩා ඒ මිනිය නිසා ලොවට වෛරස් පැමිණෙන්නේ නම්, අපට සැනසෙන්නට පුලුවන්ද? එබැවින්, අපගේ මෘතශරීර වලට කුමක් වුවත්, අනාගත පරපුරේ යහපත වෙනුවෙන් අපගේම මෘතශරීර දවා හළු කිරීම කරනවාට අප විරුද්ධ වන්නේ ඇයි? අපගේ මෘතදේහ වලට වඩා අනාගත පරපුර කෙරෙහි කරුණාවන්ත වීමට මිනිසුන් ලෙස අප හට හැකිවිය යුතුයි නේද? මොහොතක් සිතා බලන්න...

:       0       105

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 727 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2390 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site