IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


රුධිර පීඩනයට යෝගට්?

‘ප්‍රෝබයොටික්‘ අඩංගු ආහාර වර්ග භාවිතයට ගැනීමෙන් රුධිර පීඩනය අඩු කර ගත හැකිවේයැයි ඕස්ටේ්‍රලියාවේ ගි්‍රෂිත් සෞඛ්‍යය ආයතනයේ පර්යේෂකයෝ පිරිසක් කියති.

දිනපතා යෝගට්,කිරි ආහාර වැනි ප්‍රෝබයොටික් අඩංගු ආහාර වර්ග භාවිතයට ගන්නා පුද්ගලයින් 540 කගේ පමණ නියැදියක් පර්යේෂණ වට 9 කට භාජනය කිරීමෙන් මේ බව අනාවරණය කර ගැනීමට හැකිවූවේයැයි ඔවුහු පවසති.

පර්යේෂණ වට 9 න් පසු එම පුද්ගලයින් අතර සිටි අධි රුධිර පීඩනයෙන් පෙළෙමින් සිටි අයගේ රුධිර පීඩනය අඩු අගයකට පත්ව ඇති බව නිරීක්ෂණය කිරීමට හැකිවූ බව ඔවුහු කියති.

ප්‍රෝබයොටික් යනු ආහාර ජීර්ණයට උපකාරී වන බැක්ටීරියා වර්ගයක් වන අතර එම බැක්ටීරියා මිනිස් ආහාර ජීර්ණ පද්දතියේ ස්වභාවයෙන්ම සිටී.

මෙම බැක්ටීරියා ඇතැම් අවස්ථාවන්හි මිනිසාට අයහපත් විය හැකි තත්ත්වයන් සිරුරේ ඇති කිරීමේ සමත්වුවත් බොහෝ වේලාවන්හිදී මිනිසාගේ හිතසුව පිණිසම ක්‍රියාකාරී වේ.

මෙනිසා කිරි ආහාර වල මිනිසාට හානිකර නොවන ප්‍රෝබයොටික් වර්ගයට අයත් බැක්ටීරියාවන් අන්තර්ගත කිරීමට ඇතැම් ආහාර නිශ්පාදකයෝ කටයුතු කරති.

ප්‍රෝබයෝටික් වර්ගයට අයත් බැක්ටීරියාවන් පිත බිඳ හෙලීම මගින් සිරුරේ කොලෙස්ටරෝල් ප්‍රතිශතය අඩු කරන බව සොයාගෙන තිඛෙන අතර පර්යේෂණයෙන් ලද ප්‍රතිඵල හා මේ කරුණ අතර සම්බන්ධයක් පැවැතීමට ඉඩ ඇතැයි පර්යේෂකයෝ කියති.

කෙසේනමුත් රුධිර පීඩනය අඩු කරන්නයැයි කියා ප්‍රෝබයොටික් අන්තර්ගත ආහාර කෑම සහතික ප්‍රතිකාරයක් ලෙස සනාථ කිරීමට තවදුරටත් පර්යේෂණ කළ යුතුව ඇතැයි ඔවුහු පවසති.



අදහස් (0)

රුධිර පීඩනයට යෝගට්?

ගාමිණී - සිරි Friday, 25 July 2014 04:59 PM

ඔස්ට්‍රේලියාව යෝගට් ගුණ කියන්න පෙර අපේ මුතුන් මිත්තෝ සොයා ගත් දෙයක් තමයි කිරි..පැණි.. සාංගීක දානයකදී සංඝයා වහන්සේලාට පිරි නැමුවේ අතීතයේ සිටම කිරි පැණි. ඒ නිසාම තමයි ලංකාවේ කිසිම සංඝයා වහන්සේ නමක් ව්‍යායාම නොකලත්,පයින් නොගියත්,අකල් මරණයකට ගොදුරු නොවී වැඩි ආයුෂ කාලයක් ජීවත් වෙන්නේ !! (නදී)

:       0       0

අපොන්සු Saturday, 26 July 2014 04:58 AM

එ්කනේ කියන්නේ, මේ වාර්තාවට අනුව ඉන්දියාව ලෝකෙන්ම අඩුම රුධිර පීඩන තියෙන රට වලින් එකක් වෙන්න ඕනේ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 84 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 272 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site