IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


රෝමයේ පැවැති දේව මෙහෙයකට පාප්තුමා සහභාගි නොවන බව නිවේදනය කරයි

මද අසනීප තත්ත්වයක් හේතුවෙන් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් රෝමයේ පැවැති දේව මෙහෙයකට සහභාගී නොවීමට තීරණය කළේ යැයි වතිකානය අද (27) ප්‍රකාශ කළේය.

ෆ්‍රැන්සිස් පාප්තුමන් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පසු වූ නිසා එසේ එම තීරණය ගත්තා යැයි ද වතිකානය සඳහන් කළාය.

‘‘පොඩි අසනීප තත්ත්වයක් නිසා උන්වහන්සේ ශාන්ත මාර්තා නිවෙස්නයේ රැඳී සිටීමට තිරණය කළා’’ යැයි වතිකානයේ ප්‍රධාන මාධ්‍ය නිලධාරී මැටියෝ බෲනී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

83 හැවිරිදි පාප්තුමෝ ජීවත්වන්නේ වතිකානයේ ශාන්ත මාර්තා නිවෙස්නයේ ය.

රෝමයේ ශාන් ජෝන් ලැටේරන් බැසිලිකාවේදී එම දේව මෙහෙය පැවැත්විණි. එය රෝමයේ විශාලතම දේවස්ථානවලින් එකකි.

පාප්තුමා ඉදිරි කාලසටහන වෙනස් නොවන බව ද මැටියෝ බෲනී කීවේය.

එම නිවේදනය පැමිණියේ ඉතාලිය කොරෝනා වයිරසයෙන් බැටකමින් සිටින මොහොතකය. කොරෝනා වයිරසය නිසා වැඩිම බලපෑමකට ලක්වූ යුරෝපීය රට බවට පත්ව ඇත්තේ ඉතාලියයි. ඉතාලියෙන් කොරෝනා ආසාදිතයන් 400 කට වැඩි පිරිසක් හමුවී ඇත.

පාප්තුමාට ඇති අසනීප තත්ත්වය සම්බන්ධයෙන් ද කිසිවක් සඳහන් නොකළ වතිකානය පාප්තුමා සාමාන්‍යයෙන් කරන කිසිවක් නවත්වා නැතැයි ද කීය. ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ නිරන්තරයෙන් ජනතාව අතරට යමින් ඔවුන් අත් අල්ලමින් ඔවුන්ට ආශීර්වාද කරති.

ඒ.එෆ්.පී.

055

 



අදහස් (1)

රෝමයේ පැවැති දේව මෙහෙයකට පාප්තුමා සහභාගි නොවන බව නිවේදනය කරයි

vidya Friday, 28 February 2020 05:59 AM

පාප්තුමා ඔය නොපෙනෙන දෙයියන්ට කියන්න.. හැංගිලා ඉඳලා මිනිස්සුන්ට ඔය දෙයියන්ගෙන් මේ වෙලාවේවත් වැඩක් ගන්න...

:       280       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 507 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 324 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 476 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site