කොරෝනා වෛරස අවදානම හේතුවෙන් ආසියාවේ රටවල් පහකින් ප්‍රතික්ෂේප වූ මුහුදේ අතරමංව සිටි ඇමරිකානු මගී නෞකාවට කාම්බෝජයේ සිහනොක්විල් වරායේ නැංගුරම් ලෑම සඳහා අවසර ලැබී ඇතැයි වාර්තා වේ.
තායිලන්තය, තායිවානය, ගුවාම්, පිලිපීනය, සහ ජපානයෙන් නැංගුරම්ලෑමට අවසර නොලැබුණ බව නෞකාවේ බලධාරීහු පවසති.
වෙස්ටර්ඩෑම් නම් මෙම නෞකාව පසුගිය පෙබරවාරි පළමුවැනිදා හොංකොං නගරයෙන් පිටත්වී ඇත්තේ මගීන් 1455 ක් සහ කාර්යමණ්ඩලය 802 ක් සමගිනි.
සති දෙකක කාලයක් යාත්‍රා කිරීමට සැලසුම් කර තිබූ බවත් ඉන්ධන සහ ආහාර අවසන් වීම හේතුවෙන් වරායක් වෙත යෑමට තීරණය කළ බවත් බලධාරීහු පවසති.
කෙසේවුවද නෞකාවේ කොරෝනා වෛරස අසාදිතයන් කිසිවකුත් වාර්තා වී නොමැති බව සඳහන් වේ.
(බීබීසි ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
රටවල් පහකින් ප්‍රතික්ෂේප වූ නෞකාවට කාම්බෝජයට