ඇමෙරිකා එක්සත් ජනපදයේ මොඩර්නා සමාගමෙන් එන්නත් මාත්‍රා මිලියන 160ක් මිලදී ගැනීම සඳහා යුරෝපා සංගමය තවත් ගිවිසුමකට අත්සන් තැබීමට නියමිත ය.
ඒ අනුව නව කොරෝනා වයිරස එන්නත් මිලදී ගැනීම සඳහා යුරෝපා සංගමය මේ වනවිට අත්සන් තබා ඇති ගිවිසුම් සංඛ්‍යාව හයකි.
‘‘සායනික අත්හදා බැලීම්වල ප්‍රතිඵල අනුව මෙම ‘කොවිඩ්-19’ එන්නත ඉහළ සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙනවා’’ යැයි යුරෝපා කොමිසමේ ප්‍රධානී උර්සුලා වොන් ද ලියෙන් ප්‍රකාශ කළාය.
‘‘එන්නත් ආරක්ෂිත සහ ප්‍රතිඵලදායක බව තහවුරු කළ පසු යුරෝපා සංගමයේ සෑම සාමාජික රටකටම එන්නත ලැබිය
යුතුයි. සෑම සාමාජික රටකටම එකම අවස්ථාවේදී සමාන අයුරින් එන්නත ලැබිය යුතු’’ යැයි ද ඇය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.
මෙම ගිවිසුමේ ඇතුළත් සියලු කරුණු ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව නිවේදනය කරනු ඇතැයි පැවසේ. අදාළ ගිවිසුමට අද අත්සන් තැබීමට නියමිත ය. ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, සැනෝෆී-ජී.එස්.එක්, ඇස්ට්‍රාසෙනකා, ෆයිසර්-බයෝඇන්ටෙක් සහ කියෝවැක් යන සමාගම්වලින් එන්නත් ලබාගැනීම සඳහා යුරෝපා සංගමය මේ වනවිටත් ගිවිසුම් අත්සන් තබා ඇත.
දැනටමත් සායනික අත්හදා බැලීම් සඳහා දත්ත ඇතුළත් කර ඇති එන්නත් අතරින් වඩාත් සාර්ථකම එන්නතට යුරෝපා සංගමයේ වෛද්‍ය ආයතනයේ අනුමැතිය හිමිවනු ඇතැයි ද වොන් ද ලියෙන් සඳහන් කළාය.
ඒ.එෆ්.පී.
055
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
යුරෝපා සංගමය එන්නත් මිලදී ගන්න තවත් ගිවිසුමකට අත්සන් තබයි
de silva Wednesday, 25 November 2020 01:14 PM
යුරෝපයේ, ඇමෙරිකාවේ, එහෙම වුණාට ලංකාවේ අපට ඔය එන්නත් අවශ්‍ය නැහැ කියලා වාසු කියනවා. අපි මුට්ටියක් ගඟේ දමලා වැඩේ ගොඩ දා ගමු.