කෝවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරසය රටවල් 60කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් තිබීම හේතුවෙන් දැඩි සංචාරක තහනමක් පැනවීමටත් විශාල ජනතා එකතුවීම් තහනම් කිරීමටත් යුරෝපයේ, මැදපෙරදිග සහ ඇමෙරිකානු යන කලාපවල නායකයෝ අද (01) වනවිට පියවර ගෙන තිබිණි.
කොරෝනා වයිරසය හේතුවෙන් සංචාරකයන් වැඩි වශයෙන් යන එන බොහෝ තැන් වසා දමා ඇති අතර ජපානයේ ඩිස්නිලන්තය සති දෙකක කාලයකට වසා දැමීමට ද එහි බලධාරීහු පියවර ගත්හ.
කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකාවෙන් පළමු මරණය පෙරේදා වාර්තා වූ අතර වොෂින්ටන් ප්‍රාන්තයේ 50 හැවිරිදි වියේ පසුවන පුද්ගලයකු එලෙස මියගිය බව එරට වාර්තාවල දැක්විණි.
එම ප්‍රාන්තයෙන් තවත් සිදුවීම් තුනක් වාර්තා වූ අතර එම ආසාදිතයන් හෙද නිවාසයක සිටි බවත් තවත් 20කට ආසන්න පිරිසක් කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බවත් රොයිටර්ස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
කොරෝනා වයිරසයෙන් ඇමෙරිකානුවන්ට වැඩි බලපෑමක් නොමැති බව පැවසුණත් කොරෝනා වයිරසය නිසා ඇමෙරිකානුවන් මියයෑමේ අවදානමක් ඇතැයි ඇමෙරිකාවේ උප ජනාධිපති මයික් පෙන්ස් උපුටා දක්වමින් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කර තිබිණි.
‘‘තවත් බොහෝ සිදුවීම් තිබෙන බව අපි දන්නවා. ආසාදිතයන් පිළිබඳ තවත් විස්තර වාර්තා වේවි’’ යැයි උපජනාධිපති මයික් පෙන්ස් සී.එන්.එන්. පුවත් සේවයට වාර්තා කර තිබිණි.
ඉතාලියෙන් සහ දකුණු කොරියාවෙන් පැමිණෙන සංචාරකයන් ද අමතර පරීක්ෂාවකට ලක් කෙරෙන අතර ඇමෙරිකානුවන්ට කොරෝනා වයිරසය ව්‍යාප්ත වී ඇති රටවලට සහ කලාපවලට නොයන ලෙස අනතුරු අඟවා ඇත.
ඉරානයෙන් පැමිණෙන පිරිස්වලට ද සංචාරක තහනමක් පනවා ඇති අතර අවසන් දින 14 දී ඉරානයේ සංචාරය කළ වෙනත් රටවල පුද්ගලයන්ට ද එය අදාළ බව ඇමෙරිකානු උපජනාධිපතිවරයා පැවැසීය.
කොරෝනා වයිරසය මේ වනවිට රටවල් 64කට ව්‍යාප්ත වී ගොස් තිබෙන අතර මරණ 2,990ක් වාර්තා වී ඇත. ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 87,565ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද සෞඛ්‍ය බලධාරීහු අද (1) ප්‍රකාශ කළහ.
චීනය හැර අනෙකුත් රටවලින් ආසාදිතයන් 7,741 දෙනකු පිළිබඳව වාර්තා වී ඇති බවත් 120 දෙනකු මියගොස් ඇති බවත් එම බලධාරීහු කීහ.
චීනයට අමතරව වැඩිම බලපෑමක් වී ඇත්තේ දකුණු කොරියාවට, ඉතාලියට සහ ඉරානයට ය. දකුණු කොරියාවෙන් ආසාදිතයන් 3,736 දෙනකු පිළිබඳව වාර්තා වී ඇති අතර මරණ 18ක් වාර්තා වී ඇත. ඉතාලියෙන් ආසාදිතයන් 1,128 දෙනකු සහ මරණ 29ක් ද ඉරානයෙන් ආසාදිතයන් 978 දෙනකු සහ මරණ 54ක් ද ජපානයෙන් ආසාදිතයන් 239 දෙනකු සහ මරණ 11ක් ද වාර්තා වී ඇතැයි සෞඛ්‍ය බලධාරීහු කීහ.
ඇමෙරිකාව, ඔස්ට්‍රේලියාව සහ තායිලන්තයෙන් පළමු වරට කොරෝනා මරණ වාර්තා වූ අතර පාකිස්තානයෙන් කොරෝනා ආසාදිතයන් 4 දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි එරට බලධාරීහු අද (1) තවදුරටත් ප්‍රකාශ කළහ.

ඒ.එෆ්.පී./රොයිටර්ස්
- 055
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
යුරෝපා, මැදපෙරදිග, ඇමෙරිකානු කලාපවල දැඩි සංචාරක තහනමක්