මාලදිවයින ජනාධිපතිවරණයේ දෙවැනි වටය අද ආරම්භ විය. දෙවැනි වටය පැවැත්වෙන්නේ පළමු වටයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් දිනූ වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් සෝලි සහ විපක්ෂ නායක මොහොමද් මුයිසූ අතරේය.
ඊබ්‍රහීම් සෝලි ඉන්දීය හිතවාදියකු වන අතර, මාලේ අගනුවර නගරාධිපතිවරයා ලෙස ද කටයුතු කළ විපක්ෂ නායක මොහොමද් මුයිසූ චීන හිතවාදියෙකි. එහෙයින් මාලදිවයින අනාගතයේ වැඩි සබඳතා පවත්වනු ඇත්තේ ඉන්දියාවට ද නැතිනම් චීනයට ද යන්න තීරණය කරන්නේ මෙම ජනාධිපතිවරණයයි.
මාලදිවයින ජනාධිපතිවරණයේ පළමු වටය පැවැත්වූයේ පසුගිය සැප්තැම්බර් 8 වැනිදාය. එයින් කිසිවකුටවත් බහුතර බලයක් හිමි නොවිණි. දෙවැනි වටයකට යෑමට සිදුවූයේ සියයට 50 කට වැඩියෙන් කිසිවකු ඡන්ද ලබා නොගත් බැවිනි.
කෙසේ නමුත් පළමු වටයෙන් මොහොමද් මුයිසූ ඉදිරියට පැමිණියේය. ඒ, සියයට 46 ක ඡන්ද ප්‍රතිශතයක් දිනා ගනිමිනි. මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට නායකත්වය දෙන ඊබ්‍රහීම් සෝලි දිනා ගත්තේ සියයට 39 ක ඡන්ද ප්‍රතිශකයක් පමණි.
(ඒ.එෆ්.පී.)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච
චීනය සමඟ සාකච්ඡා පවත්වා, තීරු බදු පැනැවීමත් සමඟ හටගත් වෙළෙඳ යුද්ධය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
පාකිස්තානයේ ලාහෝර් නුවරට ඉහළින් පියාසර කරමින් තිබුණු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම දැමීමට පාකිස්තාන ආරක්ෂක අංශ සමත් විය. එය ඉන්දීය හමුදාවට අ
ජර්මනියේ පාලක පක්ෂය වන කොන්සවර්ටිව් පක්ෂයේ නායක ෆෙඩ්‍රික් මර්ස්, එරට චාන්සලර් ධුරයට තේරීපත් විය. ඒ, පාර්ලිමේන්තුවේ පැවැති වට කීපයක ඡන්ද විමසුම්වලින
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මාලදිවයින ජනපතිවරණයේ දෙවැනි වටය ඇරැඹේ