IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාවකට ගිනි තියලා

ඇමරිකාවේ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි වාර්තා වේ.

ඇගේ උපන් ගම වන ස්ලෝවේනියාවේ සෙව්නිකා නගරය ආසන්නයේ, සජීවි පරිමාණයට ලී වලින් සකස් කරන ලද මෙම කැටයම ස්ථාපිත කර තිබිණි.

දේශීය ගැමි චිත්‍ර ශිල්පියෙකු වන ඇලෙස් සුපෙව්ක් විසින් සජීවී ලින්ඩන් ගසක කඳෙන් මූර්තිය නිර්මාණය කර තිබිණි.

ඇමරිකානුවන් නිදහස් දිනය සමරමින් සිටියදී පසුගිය 04 වැනිදා ගිනි තැබීම සිදුකර ඇති බවට එම මූර්තියේ භාරකරුවා ලෙස කටයුතු කරන බ්‍රැඩ් ඩවුනි මහතා පවසයි.

පොලිසියට මේ සම්බන්ධව තමාට දැනුම් දුන් වහාම විකෘති කරන ලද මූර්තිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම පවසයි.

කෙසේවුවද වොෂින්ටන්හි පිහිටි මෙලනියා ට්‍රම්ප්ගේ කාර්යාලය මේ සම්බන්ධව ප්‍රතිචාරයක් දක්වා නැත.

ඇමරිකාවේ ඓතිහාසික ස්මාරක විනාශ කරන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සති කිහිපයකට පෙර පවසා තිබිණි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාවකට ගිනි තියලා

sharm warn Friday, 10 July 2020 08:38 AM

ආ... එහෙත් ප්‍රතිමා හදනවද? මම හිතුවේ මෙහෙ විතරයි කියලා...

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2392 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site