IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


මියන්මාරයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 20 කට තුවාල

මියන්මාරයේ රඛීන් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලකට අද (13) එල්ල වූ මෝටාර් ප්‍රහාරයකින් දරුවන් 20 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

මෙම ප්‍රදේශයට කිසිවකුටවත් ඇතුළුවීමටත් පිට වීමටවත් නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර මෙම ප්‍රදේශවල ‘ඇරකන් ආමි’ කැරැලිකරුවන් හා රජයේ හමුදා අතර දරුණු ගැටුම් පවතී.

බුතිඩොන්ග් නගර ආශ්‍රිත ප්‍රදේශයේ පාසලකට එම මෝටර් ප්‍රහාරය එල්ල වී තිබෙන අතර එය කවුරුන් කළ ප්‍රහාරයක් ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

පසුගිය වසරේ ජනවාරි මාසයේ සිට දෙපාර්ශවය අතර පවතින ගැටුම් හේතුවෙන් සැලකිය යුතු පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර සිය ගණනක් තුවාල ලබා ඇත. තවත් 100,000කට වැඩි පිරිසක් අවතැන් වී සිටිති.

‘ඇරකන් ආමි’ කැරැලිකරුවෝ රඛීන් පළාතට ස්වයංපාලන බලතල ඉල්ලමින් සටන් වදිති.  

මෝටාර් ප්‍රහාරයෙන් එක් දැරියකගේ තත්ත්වය බරපතළ යැයි ද දරුවන් බොහෝ දෙනකුගේ අත් සහා පාවලට තුවාල සිදුව ඇතැයි ද වාර්තා විය. තුවාල ලැබූ දරුවන් සියලු දෙනා ‘කමි’ ජනවර්ගයට අයත් බව පැවසේ.

රඛීන් ප්‍රාන්තයේ වාර්ගික රඛීන් බෞද්ධයෝ එම ප්‍රාන්තයේ සුළුතර ජනතාව ලෙස ජීවත් වෙති.

මෙම ප්‍රාන්තයේ විවිධ ජන හා වාර්ගික කොටස්වලට අයත් පිරිස් ජීවත් වෙති.

2017 වසරේ ඇති වූ ගැටුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම් වැසියන් පලාගියේ ද උතුරු රඛීන් ප්‍රාන්තයෙනි. එම ගැටුම් හේතුවෙන් රොහින්ග්‍යා මුස්ලිම්වරු 740,000ක වැඩි පිරිසක් බංග්ලාදේශයට පලා ගියහ.

ඒ.එෆ්.පී.  

055

 



අදහස් (0)

මියන්මාරයේ පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් 20 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 538 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site