මෙක්සිකෝවේ ඉරාපුවාටෝ නගරයේ මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට තුවක්කුකරුවන් පිරිසක් වෙඩි තැබීම හේතුවෙන් 10 දෙනකු මියගොස් තිබේ.
නාඳුනන ප්‍රහාරකයින් තිදෙනකු වෙඩිතැබීම සඳහා පැමිණ ඇති බව ගුවනාජුවාටෝ ප්‍රාන්ත රජය පවසයි.
ඉරාපුවාටෝ නගරය අයත් ගුවානාජුවාටෝ කලාපය සමූහ ප්‍රචණ්ඩත්වයේ ප්‍රධානම ස්ථානයක් බවට මේ වවිට පත්ව ඇතැයි බලධාරීහු පවසති.
මෙම මිනීමැරීම් සිදුවන්නේ කොරෝනා වයිරසය පැතිරීම වැළැකිවීම සඳහා අගුලු දැමීමේ පියවර ක්‍රියාත්මක වෙමින් පවතිද්දීය.
පුනරුත්ථාපන මධ්‍යස්ථාන මීට පෙරදී ද අපරාධ කල්ලි වල ඉලක්ක බවට පත්විය.
2017 සැප්තැම්බර් මාසයේදී මෙක්සිකෝවේ උතුරු දිග චිහුවාහි මත්ද්‍රව්‍ය පුනරුත්තාපන මධ්‍යස්ථානයකට මැර කල්ලි විසින් ඒල්ල කරන ලද ප්‍රහාරයකින් පුද්ගලයන් 14දෙනකු මියගොස් කිහිපදෙනකු තුවාල ලැබූහ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
735
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකොවේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක සිදුවූ වෙඩි තැබීමකින් 10 ක් මරුට