IMG-LOGO

2025 ජුනි මස 06 වන සිකුරාදා


මෙක්සිකෝවේ ආදිවාසී ගම්මානයක 15 දෙනකු ඝාතනය කරති

මෙක්සිකෝවේ දකුණු දිග ආදිවාසී ගම්මානයේ පුද්ගලයන් 15දෙනකු කිසියම් පිරිසක් විසින් ඝාතනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සැලීනා කෲස් වරායට නැගෙනහිරින් පිහිටි සැන් මැටියෝ ඩෙල්මා නගර සභා බල ප්‍රදේශයේ  හුවාසැන්ට්ලාන් ඩෙල් නම් මෙම ගම්මානය පිහිටා ඇත.


ඉරිදා (21) රාත්‍රියේ සහ සඳුදා (22) උදෑසන සිදුවූ ඒම ප්‍රහාර වලින් පිරිමින් 13 දෙනකු සහ කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇතැයි ඔක්සාකා ප්‍රාන්ත බලධාරීහු පවසති.


සැන් මැටියෝ ඩෙල්මා නගර සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ සන්නද්ධ පුද්ගලයන් හය දෙනකු පමණ ප්‍රහාරයට පැමිණ ඇති බවයි.


ප්‍රදේශීය අපරාධ නායකයෙකු විසින් ප්‍රහාරය මෙහෙයවා ඇති බවද ඔවුහු පවසති.
මියගිය පුද්ගලවන් වද හිංසා වලට ද ලක්ව ඇතැයි සඳහන් වෙයි.
 

ප්‍රහාරය සිදුවූ ප්‍රදේශය දීර්ඝ කාලයක් තිස්සේ භූමිය සම්බන්ද ආරවුල් සහ මාර්ග අයිතිවාසිකම් සම්බන්ද ගැටුම් වලින් පීඩා විඳි බව බලධාරීහු පවසති.


මෙතෙක් කිසිවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පරීක්ෂණ දිගටම සිදුකරගෙන යන බව පොලිසිය පවසයි.
 
 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)
 



අදහස් (0)

මෙක්සිකෝවේ ආදිවාසී ගම්මානයක 15 දෙනකු ඝාතනය කරති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 95 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 273 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 423 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site