
මෙක්සිකෝවේ නිරිතදිග ගුවෙරෙරෝ ප්‍රාන්තයේ දී තුවක්කුකරුවන් පිරිසක් විසින් මාධ්‍යවේදියෙකු වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඉගුවාලා නගරයේදී මෙම ඝාතනය සිදුවී ඇති අතර මාධ්‍ය සඳහන් කරන්නේ මෙක්සිකෝවේ මෙම වසර තුළ මාධ්‍යවේදීන් හතරදෙනකු ඝාතනය කර ඇති බවයි.
පැබ්ලෝ මොරුගරස් නම් මෙම මාධ්‍යවේදියා සමග ඔහුගේ ආරක්ෂකයා ද ඝාතනය කර ඇති බව මෙක්සිකෝහි මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබේ. මොරුගරස් 2016 වසරේදී ද ඝාතන ප්‍රයත්නයකින් දිවි ගලවා ගත් අයෙකි.
මාධ්‍යවේදියාට වෙඩිතබා ඇත්තේ කිනම් හේතුවක් නිසාද යන්න පැහැදිලි නැති බව පොලිසිය පවසයි.
ගුවෙරේරෝ, මෙක්සිකෝවේ වඩාත්ම ප්‍රචණ්ඩකාරී ප්‍රාන්තයන්ගෙන් එකකි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
725
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1754
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙක්සිකෝවේදී මාධ්‍යවේදියෙකු ඝාතනය කෙරේ