IMG-LOGO

බුකර් සම්මානය බානු මුස්‍තාක්ට

දකුණු ඉන්දීය ලේඛිකා බානු මුස්‍තාක්, මෙවර ජාත්‍යන්තර බුකර් සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ, ඇය කණ්ණඩ බසින් රචනා කරන ලද ‘හාට් ලෑම්ප්’ කෙටි කතා සංග්‍රහයේ ඉංග්‍රීසි පරිවර්තනය වෙනුවෙනි.

කණ්ණඩ බසින් රචනා වූ කෘතියක් ජාත්‍යන්තර බුකර් සම්මානයට පාත්‍ර වුණු පළමු අවස්ථාව මෙයයි.

මෙම කෘතිය, ‘හාට් ලෑම්ප්’ නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරනු ලැබ ඇත්තේ ඉන්දීය ලේඛිකා දීපා භාස්ති විසිනි.

විශිෂ්ටතම ප්‍රබන්ධ කෘති ඇගයීමට ලක් කරමින්, බුකර් සම්මාන පිරිනැමෙන්නේ ඉංග්‍රීසි බසින් රචිත නිර්මාණ වෙනුවෙනි.

සාහිත්‍ය ක්ෂේත්‍රයේ ‘නොබෙල් ත්‍යාගය’ යන නමින් හැඳින්වෙන්නේ ද බුකර් සම්මානයයි. ‘බුකර් සම්මානය’ සහ ‘ජාත්‍යන්තර බුකර් සම්මානය’ ආදී වශයෙන් බුකර් සම්මානය වර්ග දෙකකි.

විදෙස් භාෂාවලින් රචනා වන කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමෙන් පසු එම කෘති ඇගයීමට ලක් කරමින් පිරිනැමෙන්නේ

ජාත්‍යන්තර බුකර් සම්මානයයි. බුකර් සම්මානය සමඟ ලේඛිකා බානු මුස්‍තාක්ට, තෑගි වශයෙන් පවුම් 50,000 ක මුදලක් හිමිවිය.

1990 සිට 2023 දක්වා කාලයේ, බානු මුස්‍තාක් විසින් රචනා කෙටි කතා 12 ක්  ‘හාට් ලෑම්ප්’ කෙටි කතා සංග්‍රහයට ඇතුළත් වෙයි.   

දකුණු ඉන්දියාවේ, මුස්ලිම් කාන්තාවන්ගේ දුෂ්කරතා සංවේදී ලෙස ග්‍රහණය කර ගනිමින්, මුස්‍තාක්, සිය කෙටි කතා සංග්‍රහය රචනා කර ඇති බව බුකර් විනිශ්චය මණ්ඩලය පෙන්වා දී ඇත.

බානු මුස්‍තාක්, ලේඛිකාවක පමණක් නොව නීතීඥවරියක ද වන්නීය.

(බී.බී.සී.)



අදහස් (0)

බුකර් සම්මානය බානු මුස්‍තාක්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 452 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 227 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1961 4
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site