IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


බොරතෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු කොල්ලකරුවෝ පැහැරගනිති

නයිජීරියාවට ඔබ්බෙන් මුහුදේදී බොරතෙල් ප්‍රවාහන නෞකාවක කාර්ය මණ්ඩලයේ 19 දෙනකු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ ඉන්දියානුවන් 18 දෙනෙකු සහ තුර්කි ජාතිකයෙකි.

කාර්යමණ්ඩලයේ තවත් හත්දෙනකු යාත්‍රාවේ රැඳී සිටින අතර යාත්‍රාවට හෝ භාණ්ඩ වලට හානියක් සිදුවී නැතැයි බලධාරීහු පවසති.

ග්‍රීක නැව් සමාගමකට අයත් නැව හොංකොං ධජය සහිතව යාත්‍රා කර තිබේ.

සමුද්‍රීය ආරක්ෂණ නිලධාරීන් පවසන්නේ නැව් හිමියන්ගෙන් කප්පම් ලබා ගැනීම සඳහා කොල්ලකරුවන් විසින් මෙලෙස කාර්යමණ්ලයේ සාමාජිකයින් පැහැර ගන්නා බවයි.

නැව් සමාගම පවසන්නේ කාර්යමණ්ඩල සාමාජිකයින් 19දෙනා ආරක්ෂිතව ගෙන්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බවයි.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

බොරතෙල් ප්‍රවාහන නෞකාවක් මුහුදු කොල්ලකරුවෝ පැහැරගනිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site