එක්සත් රාජධානියේ මහමැතිවරණය අද (12) පැවැත්වීමට නියමිතය. මෙවර මහ මැතිවරණය වසර හතරක් තුළදී එක්සත් රාජධානියේ පැවැත්වෙන තෙවැනි මහ මැතිවරණය වන අතර මෙවර මහ මැතිවරණයේදී බ්‍රිතාන්‍ය ඡන්ද දායකයන්ට දුෂ්කර තේරීමකට මුහුණ දීමට සිදුවනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය සෑම පස්වරකටම වරක් පැවැත්වුණ ද මෙවර මහ මැතිවරණය 2015 වසරෙන් පසු පැවැත්වෙන තෙවැන්නයි. එක්සත් රාජධානියේ නීති සහ ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා එරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරාගැනීමේ අරමුණින් මහ මැතිවරණය පැවැත්වෙන අතර මහ මැතිවරණයේදී 650 දෙනකු තෝරාගැනීමට නියමිතය.
එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු-වේ සාමී මන්ත්‍රී මණ්ඩලය සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යනුවෙන් කොටස් දෙකකි. මන්ත්‍රීවරුන් තෝරාගන්නේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයටය. ආණ්ඩුව සිටින්නේ ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේය.
මිලියන 46ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින අතර ඡන්ද කොට්ඨාශ 650ක මැතිවරණ පැවැත්වේ. තමන්ගේ ප්‍රදේශය වෙනුවෙන් මන්ත්‍රීවරයකු තෝරාගැනීමට ඡන්දය දායකයන්ට අවස්ථාව උදා වේ.

අවුරුදු 18ට වැඩි ලියාපදිංචි බ්‍රිතාන්‍ය පුරවැසියන්ට සහ පොදුරාජ්‍යයේ හෝ අයර්ලන්ත ජනරජයේ සුදුසුකම්ලාභී පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කළ හැකිය.
පසුගිය වර මැතිවරණවලදී මෙන්ම මෙවර මැතිවරණයේදීද තරුණයන්ට වඩා වැඩිහිටියන් ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි පැවසේ. 2017 වසරේ පැවැති මහ මැතිවරණයේදී අවුරුදු 20ත් 24ත් අතර පිරිසෙන් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ සියයට 59ක් පමණි. එහෙත් අවුරුදු 60ත් 69ත් අතර වයසේ පසුවන පිරිසෙන් සියයට 77කට වැඩි පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබිණි.
කෙසේ නමුත් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ලියාපදිංචිය සඳහා දී තිබූ කාලයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වූ මිලියන 3.1කට වැඩි පිරිසෙන් තුනෙන් දෙකක් වයස අවුරුදු 35 අඩු බවත් ඔවුන්ගෙන් මිලියනයකට වැඩි පිරිසක් අවුරුදු 25ට අඩු බවත් වාර්තා විය. මෙවර මහ මැතිවරණයට අපේක්ෂකයෝ 3,322ක් ඉදිරිපත්ව සිටිති.
තනි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාවෙන් ආසන 326ක බහුතරයක් දිනාගත යුතුය. අවසන් වරට පැවැති මහ මැතිවරණයේදී කන්සවටිව් පක්ෂය ආසන 318ක් දිනාගත් අතර කම්කරු පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 262ක් පමණි. ස්කොට්ලන්ත ජාතික පක්ෂය ආසන 35ක් දිනාගැනීමට සමත්විය.
බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය මෙවර බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. ආර්ථිකය, ජාතික සෞඛ්‍ය සේවය, අපරාධ සහ සංක්‍රමණික ක්‍රියාවලි කෙරෙහි ඉන් පසුව අවධානය යොමු වී තිබේ.
මහ මැතිවරණයෙන් බ්‍රිතාන්‍යයට නව අග්‍රාමාත්‍යවරයකු තෝරාගන්නා නමුත් මැතිවරණයෙන් සෘජුවම අග්‍රාමාත්‍යවරයකු තෝරාපත්කර නොගනී. මහ මැතිවරණයේ ජයග්‍රාහී පක්ෂයෙන් අග්‍රාමාත්‍යවරයා හෝ අග්‍රාමාත්‍යවරිය තෝරාගන්නා අතර බොහෝ විට පක්ෂ නායකයා හෝ නායිකාව අග්‍රාමාත්‍ය ධුරයට පත් වේ. ඔහු හෝ ඇය බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ උපදෙස් පිළිපැදීමට බැඳී සිටී.
අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කන්සවටිව් පක්ෂයේ නායකයා ලෙසත් විපක්ෂ නායක ජෙරමි කෝබින් කම්කරු පක්ෂයේ නායකයා ලෙසත් මහ මැතිවරණයට ඉදිරිපත් වී සිටිති. පසුගිය මහ මැතිවරණයේදී බ්‍රිතාන්‍ය ජනතාව ඔවුන් දෙදෙනා කෙරෙහි එතරම් විශ්වාසයක් නොතැබූ බව ද විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
ඒ.එෆ්.පී/රොයිටර්ස්
055


2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍යයේ මහමැතිවරණය අද පැවැත්වේ
Nelum Thursday, 12 December 2019 10:51 AM
මෙහෙ දේශපාලකයොත් ලංකාවෙන් ඉගෙනගෙන... කට විතරයි... වැඩ නැහැ...