පිලිපීනයේ කොරෝනා වෛරස ආසාධිත රෝගියෙකු මියගොස් ඇත.
මෙය චීනයෙන් පිටත ප්‍රථම වරට තහවුරු වූ කොරෝනා වෛරස මරණයයි.
රෝගියා 44හැවිරිදි චීන ජාතිකයෙකු වන අතර ඔහු හුබෙයි පළාතේ වුහාන් සිට පිලිපීනයට පැමිණි පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ පිලිපීනයට පැමිණීමට පෙර ඔහු වෛරස ආසාදනයට ලක්වී ඇති බවයි.
මැනිලා අගනුවර පිහිටි රෝහලකට ඇතුලත් කිරීමෙන් පසු නිව්මෝනියා තත්ත්වය උග්‍ර වීම හේතුවෙන් රෝගියා මියගිය බව පිලිපීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
ඔහු තවත් චීන ජාතික කාන්තාවක් සමග පිලිපීනයට පැමිණ ඇති අතර දෙදෙනාම වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබිණි.
පිලිපීනය චිනයෙන් පැමිණෙන සියලුම සංචාරකයන් වහාම නතර කරන බව නිවේදනය කිරීමෙන් කෙටි වේලාවකට පසු මෙම මරණය වාර්තා විය.
(බීබීසී ඇසුරිණි - 085)

2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පිලිපීනයේ කොරෝනා ආසාධිතයෙක් මරුට