පාකිස්තානයේ නැගෙනහිර ප්‍රදේශයකදී මගී වෑන් රථයක් දුම්රියක ගැටී සුළුතර සික් ප්‍රජාවට අයත් වන බැතිමත්හු 19 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
මියගිය පුද්ගලයෝ අතර කුඩා ළමයින් දෙදෙනෙක් ද වෙති.
අනතුර සිදු වී ඇත්තේ ෂෙයිකිපුර නගරයට ආසන්න දුම්රිය හරස් මාර්ගයකදීය.
වෑන් රථයේ ගමන් කළ මියගිය සියලු දෙනා පාකිස්තානයේ බටහිර ප්‍රදේශයේ පිහිටි පෙෂාවර් නගරයේ පදිංචිකරුවෝ වෙති.
ඔවුන් නන්කානා සාහිබ් නගරයේ සිට ෆාරුකාබාද් නගරය දක්වා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇත.
පෙෂාවර් නගරයේ සික් ජාතිකයෝ 40,000 කට ආසන්න පිරිසක් ජීවත් වෙති.
ඉන්දියානු දේශ සීමාවට මායිම්ව නැගෙනහිර පාකිස්තානයේ ලාහෝර් හි පිහිටි නන්කානා සාහිබ් සික්වරුගේ පූජනීය නගරයකි. සික් ආගමේ නිර්මාතෘවරයා වූ ගුරු නනක් පූජකවරයාගේ උපත මෙම නගරයේ සිදුව ඇත.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අනතුර සම්බන්ධයෙන් සිය කණගාටුව පළකර ඇත.
ඉන්දියාව හා පාකිස්ථානය අතර දිගින් දිගටම මතභේදාත්මක තත්ත්වයක් පැවතියද සික් ජාතික බැතිමතුන්ට ආගමික කටයුතු සඳහා ඉන්දියාවේ සිට පාකිස්ථානයට පැමිණීමට විශේෂ දේශ සීමා හරස් මාර්ගයක් ඉදිකිරීමට පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන ඇත.
පසුගිය වසරේ පාකිස්ථානයේ දුම්රියක ඇතිවූ ගින්නකික් මගීහු 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
-226-
රොයිටර් ඇසුරෙනි
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පාකිස්ථානයේ දුම්රිය අනතුරකින් 19 ක් මරුට