IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නවදිල්ලියේ ගැටුම් වලින් පුද්ගලයින් 32 ක් මරුට

ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලියේ ඇතිවූ මාරාන්තික ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් තිබේ. 

මතභේදයට තුඩුදුන් නව පුරවැසි නීතියක් සම්බන්ධව සඳුදා සිට ප්‍රචණ්ඩත්වය ආරම්භ විය.

මුස්ලිම් සහ හින්දු භක්තිකයන් අතර ගැටුම් ඇති වූ අතර එහිදී සිය ගණනක් තුවාල ලැබූහ. 

බොහෝ දෙනෙකුට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී ඇති අතර ගිනි තැබීම කොල්ලකෑම සහ ගල් විසි කිරීම ද සිදුව තිබේ.
නොසන්සුන්තාවයේ හදවතෙහි පුරවැසි නීතියක් ඇති අතර එය අසල්වැසි මුස්ලිම් ආධිපත්‍යය ඇති සමහර රටවල මුස්ලිම් නොවන අයට ඉන්දියානු පුරවැසිභාවය ලබා ගැනීම පහසු කරයි.

එක්සත් ජනපද මානව හිමිකම් ප්‍රධානී මිෂෙල් බැචෙලෙට් පැවසුවේ පසුගිය දෙසැම්බරයේ සම්මත කරන ලද නව නීතිය “දැඩි අවධානයට ලක්වන” කරුණක් වන අතර මුස්ලිම්වරුන්ට එරෙහිව වෙනත් කණ්ඩායම් විසින් පහරදීම් හමුවේ පොලිසිය ක්‍රියාකාරී නොවීම පිළිබඳ වාර්තා මගින් ඇය කනස්සල්ලට පත්ව සිටින බවයි.

“ප්‍රචණ්ඩත්වය වැළැක්වීම සඳහා මම සියලු දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිමු” යනුවෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින් බැචලට් පැවසීය.

විචාරකයින් පවසන්නේ නීතිය මුස්ලිම්වරුන්ට පක්ෂග්‍රාහී වන අතර ඉන්දියාවේ ලෞකික ව්‍යවස්ථාවට වල කපන බවයි.

නව දිල්ලිය නව නීතියට එරෙහි උදඝෝෂනවල කේන්ද්‍රස්ථානය වී ඇති අතර සිසුන් හා මුස්ලිම් ප්‍රජාවේ විශාල පිරිසක් විරෝධතාවන්ට නායකත්වය දුන්හ.

තුවාල ලැබූවන් බ්‍රහස්පතින්දා රෝහල් වෙත ගෙන යද්දී දිල්ලි මහාධිකරණ විනිසුරු එස්. මුරලිධර් මහතා එක රැයකින් මාරු කිරීම කෙරෙහි ද විචාරකයින්ගේ අවධානය යොමු විය.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

නවදිල්ලියේ ගැටුම් වලින් පුද්ගලයින් 32 ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 746 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2402 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site