නයිජීරියාවේ ඊසානදිග බෝර්නෝ පළාතේ ඉස්ලාම් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයකින් සාමාන්‍ය වැසියන් 30 දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
අධිවේගී මාර්ග නැවතුම්පොළක වාහන නවත්වාගෙන නින්දේ පසුවූ සංචාරකයන් පිරිසක් වෙත මෙම ප්‍රහාරය එල්ලවී ඇත.
මෙහිදී කාන්තාවන් සහ ළමයින් පිරිසක් පැහැරගෙන ගොස් ඇති බවද බලධාරීහු පවසති.
වාහන වලට ගිනිතබා ඇති අතර බොහෝ පිරිසක් පිළිස්සි මියගොස් ඇත. පොලිසිය පවසන්නේ වාහන 18ක් ගින්නෙන් විනාශ වී ඇති බවයි.
ප්‍රාන්තයේ අගනුවර වන මයිදුගුරි වෙත ගමන් ගන්නා මාර්ගය සටන්කාමීන් වසා දමන බැවින් අගනුවරට කිලෝමීටර් 25ක් පමණ දුරින් පිහිටි අවුනෝ නගරයේ නවාතැන් ගැනීමට බොහෝ දෙනා පුරුදුවී සිටිති.
ප්‍රහාරය සඳහා සටන්කාමීන් ආයුධ සන්නද්ධව ට්‍රක් රථවලින් පැමිණ ඇති බව මූලික පරීක්ෂණ වලින් හෙළිවී තිබේ.
සටන්කාමීන් පරාජය කර ඇති බව නයිජීරියා රජය පැවසුවත් දිගින් දිගටම මෙවැනි ප්‍රහාර එල්ල වන බව මාධ්‍ය වාර්තා කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
නයිජීරියාවේ සංචාරක නැවතුම්පොළකට එල්ල වූ ප්‍රහාරයකින් 30 ක් මරුට