IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


නයිජීරියාවේ ගම්මානයකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් 59 ක් මරුට

නයිජීරියාවේ ඊසාන දිග බෝර්නෝ ප්‍රාන්තයේ ගුබියෝ දිස්ත්‍රික්කයේ ගම්මානයකට තුවක්කුකරුවන් පිරිසක් විසින් ඒල්ල කළ ප්‍රහාරයකින් 59දෙනකු මියගොස් තිබේ.
 
ගම්මානය ද ප්‍රහාරකයිිිින් විසින් විනාශ කර ඇති අතර මෙය පළිගැනීම සඳහා සිදුකරන ලද ප්‍රහාරයක් යැයි විශ්වාස කරන බව ප්‍රාදේශීය මාධ්‍ය පෙන්වා දෙයි.
 

කිසිදු කණ්ඩායමක් තවමත් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැති නමුත් පොලිසිය පවසන්නේ ඒය ජිහාඩ් සංවිධානයට අනුබද්ධ බෝකෝ හරාම් සටන්කාමීන් විසින් සිදුකරන ලද්දක් බවට සැකකරන බවයි.
 
මියගිය සංඛ්‍යාව 59ක් බවට ඒ්ඒෆ්පී පුවත් සේවය වාර්තා කර ඇතත් ඒම සංඛ්‍යාව 69ක් බව රොයිටර් පුවත් සේවය පවසයි.
 
සටන්කාමීන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ද තොරතුරු ගම්වැසියන් විසින් ආරක්ෂක අංශ වලට ලබාදෙන බවට සැකකිරීම මෙම ඝාතන වලට ‌හේතුව බවද රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.
 
කෙසේවුවද ඒ්ඒෆ්පී පුවත් සේවය පවසන්නේ ගැමියන් පශු සම්පත් ආරක්ෂා කිරීම සඳහා ජිහාඩ් සටන්කරුවන් ඝාතනය කිරීමට පලිගැනීමක් වශයෙන් මෙම ඝාතනයන් සිදුකර ඇති බවයි.
 
බෝකෝහරාම් සටන්කාමීන් අසල්වැසි රාජ්‍යයන් වන චැඩ්, නයිජර් සහ කැමරූන්හි ද සටන් මෙහෙයවයි.
 
පසුගිය මාර්තු මාසයේදී සටන්කාමීන් විසින් නයිජීරියානු සොල්දාදුවන් 47 දෙනකු මරා දැමූහ.
 
වසර 10ක පමණ කාලයක සිට පවතින ගැටුම් හේතුවෙන් දස දහස්ගනනක් මියගොස් ඇති අතර තවත් බොහෝදෙනකු අවතැන් වී තිබේ.
 
(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (2)

නයිජීරියාවේ ගම්මානයකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් 59 ක් මරුට

Binkunndaa Thursday, 11 June 2020 09:01 PM

බටහිර, උතුර හා නැගෙනහිර රටවල කිතුණුවන් අමුඅමුවේ මරාදමනවා. කිසිවෙක් ඒ ගැන සොයාබලන්නෙත් නැහැ.

:       0       121

BinkunnndaFriday, 12 June 2020 08:18 AM

බටහිර, උතුර හා නැගෙනහිර අප්‍රිකානු රටවල කිතුණුවන් අමුඅමුවේ මරාදමනවා. කිසිවෙක් ඒ ගැන සොයාබලන්නෙත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 735 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1756 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site