
ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති මන්දිරය වන ධවල මන්දිරය ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් ආරක්ෂක නිලධාරීහු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගියහ.
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවක් පවත්වමින් සිටින අවස්ථාවකදී ධවල මන්දිරය ඉදිරිපිටදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. මාධ්‍ය හමු පැවැත්වීම සඳහා ධවල මන්දිරයේ වෙනම ස්ථානයක් ඇත. වෙඩි තැබීම වූ සැණින් ඇමෙරිකා එක්සත් ජනපදයේ රහස්‍ය ආරක්ෂක සේවයේ නිලධාරීන් ක්‍රියාත්මක වී ජනාධිපතිවරයා ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇත.
එම සිදුවීමෙන් මිනිත්තු කිහිපයකට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා නැවත මාධ්‍ය හමු පැවැත්වෙන ස්ථානයට පැමිණියේය. ආරක්ෂක අංශ කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇති බවත් සැකකාර පුද්ගලයා ආයුධ සන්නද්ධව සිට ඇති බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කීය.
“ධවල මන්දිරය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුවෙලා. ආරක්ෂක අංශ එය පාලනය කරලා. ඇත්තටම වෙඩි තැබීමක් සිදුවෙලා. එක් පුද්ගලයෙක් රෝහල් ගත කරලා. ඔහුගේ තත්ත්වය ගැන හරියටම කියන්න මම දන්නේ නැහැ” යැයි ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ කීය.
ධවල මන්දිරය පිහිටි භූමියේ කෙළවර පිහිටි වැට ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇතැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා කීවේය.
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ ඊයේ (10) දිනයේදීය. මෙම සිදුවීමේදී කිසිවකුත් ධවල මන්දිරයට ඇතුළු වී නැතැයි ද රහස්‍ය ආරක්ෂක සේවයේ (සීක්‍රට් සර්විස්) ආරක්ෂාව යටතේ සිටින කිසිවකුටත් සිදුවීමෙන් අනතුරක් නැතැයි ද එම සේවය පසුව සඳහන් කළේය.
(රොයිටර්)
055


2025 නොවැම්බර් මස 04
719
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ධවල මන්දිරය ඉදිරිපිට වෙඩිතැබීමක්