ඉකුත් සති දෙකක කාලයේ දී චීනයට ගිය විදේශිකයන්ට වීසා නිකුත් කිරීම නවත්වන බව වියට්නාමය අද (2) නිවේදනය කළේය.
හොංකොං, මැකාවෝ සහ තායිවානය ඇතුළු වියට්නාමය සහ චීනය අතර ගුවන් ගමන් ද නැවත දැනුම් දෙන තුරු නැවැත්වීමට වියට්නාම රජය තීරණය කර ඇත.
කෙසේ නමුත් වියට්නාම රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව තායිවානයට දැමූ තාවකාලික ගුවන් තහනම පමණක් ඉවත් කිරීමට වියට්නාමය පියවර ගත් බව මුල් නිවේදනයෙන් පැය කිහිපයකට පසු නිවේදනයක් නිකුත් කරමින් තායිවානය සඳහන් කළේය.
තායිවානය යනු වියට්නාමයේ ප්‍රධාන ආයෝජකයෙකි. තායිවානය පසුගිය දශක තුනේ දී පමණක් ඇමෙරිකානු ඩොලර් බිලියන 32ක් ආයෝජනය කර ඇත.
තායිවානයේ කොරෝනා වෛරසය ආසාදනය වූ සිදුවීම් 10ක් වාර්තා වී ඇත.
ඒ.එෆ්.පී.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
’දෙසතියක් ඇතුළත චීනයට ගියා නම් වීසා නෑ’