
ඉන්දීය විපක්ෂ නායකයන්ගෙන් කෙනකු ද වන, 'ආම් ආද්මී' පක්ෂයේ නායක අරවින්ජ් කෙජ්රිවාල්, දිල්ලි ප්‍රාන්ත මහ ඇමැති ධුරයෙන් ඉල්ලා අස් විය.
කෙජ්රිවාල් දූෂණ විරෝධී ක්‍රියාකාරියෙකි. ඔහුගේ 'ආම් ආද්මී' පක්ෂ පක්ෂය, දිල්ලි ප්‍රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී පක්ෂයක් ලෙස ජනතා ප්‍රසාදය දිනා ගනිමිනි.
කෙසේ නමුත් කෙජ්රිවාල්ට දූෂණ චෝදනා එල්ල විය. ඒ, මත්පැන් අලෙවි කිරීමේ දී දිල්ලි ප්‍රාන්ත රජය ක්‍රියාත්මක කර තිබුණු ප්‍රතිපත්ති සම්බන්ධයෙනි. කෙජ්රිවාල් මාස 5 ක් බන්ධනාගාරගතව සිටියේය. එල්ල වන චෝදනා සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි. අධිකරණයෙන් ඔහුට ඇප නියම වී ඇත.
මහ ඇමැති ධුරයෙන් ඉවත් වෙමින් කෙජ්රිවාල් පවසා ඇත්තේ මීළඟ ප්‍රාන්ත මැතිවරණයෙන් 'ආම් ආද්මී' පක්ෂයට ජනවරමක් හිමිවුවහොත්, එම ජන වරමට හිස නමමින් තමා යළි දිල්ලි මහ ඇමැති ධුරය බාර ගන්නා බවය. තමන් කිසිදු වරදක් කර නැති නමුත්, තමන්ට ජනතා විශ්වාසය අවශ්‍ය යැයි ඔහු පවසා තිබේ.
පුරප්පාඩු වුණු මහ ඇමැති ධුරය, 'ආම් ආද්මී' පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු මෙන්ම කෙජ්රිවාල්ගේ සමීපතම සගයකු වන අතීෂීට ලබා දී ඇතැයි ද පැවැසෙයි.
2025 දෙසැම්බර් මස 18
668
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිල්ලි මහ ඇමැති ධුරයෙන් යයි