IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දරුවනට වද දුන් මා පියෝ හිරේ

තම දරුවන් සිව් දෙනාට  අමානුෂික වදහිංසා පැමිණුවේයැයි චෝදනා ලැබ සිටි ඛෙල්ජියන් ජාතික මව්පිය යුවළකට වසර 10 ක සිර දඩුවමක් නියම විය.

මේ මව්පිය දෙදෙන සියලූ දෙනාගේ පිළිකුළටත් දෝෂදර්ශණයටත් ලක් විය.

සිය දියණියන් තිදෙන හා එකම පිරිමි දරුවා රාතී්‍ර කාලයන්හි කුඩා කාමරයකට දමා සිර කර ඇති මොවුන් ඔවුනට ආහාර සපයා ඇත්තේ බිත්තියේ වූ කුඩා සිදුරකිනි.පියාගේ නිරන්තර තාඩන පීඩන වලටත් ලක්වීමට දරුවන් සිව්දෙනාට සිදුව තිබේ.පොලිසිය විසින් අධිකරණය හමුවේ අනාවරණය කළ ආකාරයට දරුවන්ට යකඩ පොලූ,කඹ, ආදියෙන් පහර දී විදුලි සැරද වද්දවා ඇත.

සිය දරුවන්ගේ ඇගට මුත්‍ර කරන පියා අනතතුරුව ඔවුන් විවිධ අපයෝජන වලටත් ලක් කර ඇතැයි හෙළි විය.ඇමරිකාවේ ග්වන්ටානෝමොබේ සිර කදවුරෙහි සිරකරුවන්ට වධහිංසා දෙන ලෙසින් සිය දරුවන්ටත් වධ දීමට මේ මව්පිය දෙපළ කටයුතු කර ඇතැයි පොලිස් වාර්තාවෙන් පසක් වේ.

මව්පිය දෙපළ වෙනුවෙන් පෙනී සිටි නිතිඥයා තම සේවාදායකයක් සිදුකළ වැරදි සම්බන්ධයෙන් පසුතැවිලි වන බවත් ඒවාට සමාව ඉල්ලන බවත් පැවැසීය.එහෙත් විනිසුරුවරයා දරුවන්ට සිදුකළ වධ හිංසා වලට මව්පියන් දෙදෙන වැරදිකරුවන් කොට ඔවුන් දෙදෙනාට එක් අයෙකුට වසර 10 බැගින් වන බරපතළ වැඩ ඇති සිරදඩුවම් නියම  කළේය.කළ වරදට මේ සිරදඩුවම කිසිසේත් ප්‍රමාණවත් නොවන බව බහුතර ඛෙල්ජියන් ජනයාගේ මතයයි.



අදහස් (0)

දරුවනට වද දුන් මා පියෝ හිරේ

නිල්මිණි Tuesday, 04 June 2013 01:51 PM

බෙල්ජියම් කියන රටේ ඔය කියන බරපතල වැඩ සහිත සිර දඩුවම් නැහැ. මෙම රටේ තියන සිර මැදිරි හෝටල් කාමර වගේ (නි)

:       0       0

ඇසළ Tuesday, 04 June 2013 06:12 PM

නිමල්, අපේ නීතිඥයෝ නම් කියයි මෙහෙම දෙයක් වෙලා නැහැ. මේවා බොරුවට මඩ ගහන්න කරපු චෝදනාවල් කියලා. (නි)

:       0       0

නිමල් Tuesday, 04 June 2013 12:06 PM

මම නම් පුදුම වෙන්නේ මේ දෙමවුපියෝ ගැන නෙවේ.මොකෝ මෙවැනි මානසික රෝගියෝ ඕනෑ රටක ඉන්න පුළුවන්. මම පුදුම වෙන්නේ නීතිඥයා ගැන. එතුමා නියම නීතිඥයෙක්.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 655 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site