IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි

ඉන්දියාවේ 15 වැනි ජනාධිපති ලෙස ද්‍රෞපදී මුර්මු අද (25) උදෑසන දිවුරුම් දුන්නාය. හමුදා උත්තමාචාර මැද, මුර්මුගේ දිවුරුම්දීම සිදුවූයේ උදෑසන 10.15 ට, ඉන්දීය අගවිනිසුරු එන්.වී. රාමනා ඉදිරියේය.

ජනපති ධුරයෙන් සමුගන්නා රාම් නාත් කෝවින්ද්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, විපක්ෂය වන කොංග්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධි ඇතුළු බොහෝ දෙනෙක් එම අවස්ථාවට සහභාගී වූහ.

දිවුරුම් දීමෙන් පසු පළමු නිල ට්විටර් පණිවුඩය නිකුත් කරමින්   ජනාධිපතිනිය ඉන්දියානුවන් සැවොම ආමන්ත්‍රණය කළේ ‘ජොහාර් නමෂ්කාර්‘ යනුවෙනි. තම රාජකාරි නිසි ලෙස සම්පූර්ණ කිරීමට ඉන්දියානුවන් සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ජනපතිනිය නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සඳහන් විය.

64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු ඉන්දියාවේ ඔඩිස්සා ප්‍රාන්තයේ ‘සන්තාල්’ ගෝත්‍රිත කාන්තාවකි. භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරමින්  මුර්මු  දේශපාලන නායිකාවක බවට පත් වූයේ ‘සන්තාල්’ ​ගෝත්‍රය යෝජනය කරමිණි.

ඒ අනුව, ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වුණු පළමු ගෝත්‍රික කාන්තාව වන්නේ මුර්මුය.ප්‍රතිභා පාතිල්ගෙන් පසු, ඉන්දියාවේ ජනාධිපති ධුරයට පත් වුණු දෙවැනි කාන්තාව වන්නේ ද මුර්මුය.

ද්‍රෞපදී මුර්මු  1947 ඉන්දියාවට නිදහස ලැබීමෙන් පසු උපන් අයෙකු වන අතර, නිදහසින් පසු උපන් කෙනකුට ඉන්දීය ජනාධිපති ධුරයට පත් වුණු පළමු අවස්ථාවද මෙයයි. ඉන්දීය ජනාධිපති ධුරයට පත් ළාබාලතම පුද්ගලයා වන්නේ ද මුර්මු ය. ද්‍රෞපදී මුර්මු උපත ලබා ඇත්තේ 1958 ජූනි 20 වැනිදාය. ඒ අනුව  යැයි ද පැවැසෙයි.

ඉන්දීය ජනාධිපතිවරයාගේ ධුර කාලගය වසර 5 කි. ජනාධිපතිවරයා තෝරා ගැනීම සිදුවන්නේ මහජන ඡන්දයෙන් නොව පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ ඡන්දයෙනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි

ganegoda Monday, 25 July 2022 01:16 PM

ශ්‍රී ලංකාවාසී අපිත් ඔබතුමියට ‘‘සුබ ආරම්භයකට‘‘ සුබ පතනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 885 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 1056 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 2048 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දු පාකිස්තාන ගැටුම් අවසන්
2025 මැයි මස 10 2330 3

ඉන්දියාව සහ පාකිස්තානය අතර කඩිනමින් සටන් විරාමයක් ආරම්භ විය. ඒ, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැදිහත් වී, ඉන්දු පාකිස්තාන බලධාරීන් සම්බන්ධ කර ග


පුටින්ගේ සටන් විරාමය දීර්ඝ කරන්නැයි ට්‍රම්ප් ඉල්ලයි
2025 මැයි මස 09 161 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ අණ පරිදි රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ඇති කරගත් ඒකපාර්ශ්වීය තෙදින සටන් විරාමය, දින 30 ක් තෙක් දීර්ඝ කරන්නැ


ඇමෙරිකාවත් බ්‍රිතාන්‍යයත් අතරේ නව වෙළෙඳ ගිවිසුමක්
2025 මැයි මස 09 115 0

ඇමෙරිකාවත්, මහා බ්‍රිතාන්‍යයත් අතරේ, නව වෙළෙඳ ගිවිසුමක් ඇති කර ගැණුනි. ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 902 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1414 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 364 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site