IMG-LOGO

දුම්රිය මාර්ගයට පාත් කළ ගුවන් යානය දුම්රියේ ගැටේ

කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවර කුඩා සැහැල්ලු ගුවන් යානයක් දුම්රියක ගැටීමේ පුවතක් වාර්තා වේ.

දුම්රියේ ගැටුණු කුඩා ගුවන් යානය සුනුවිසුණු වූ නමුත් යානයේ නියමුවා බේරා ගැනීමට ලොස් ඇන්ජලීස් පොලිස් නිලධාරීහු සමත් වූහ.

යානය දුම්රිය මාර්ගයට නුදුරින් පිහිටි ස්ථානයකින් ගුවන්ගත වී ඇති බවත්, ගුවන්ගත වූ සැණින් එහි දෝෂයක් හටගෙන ඇත. නියමුවා යානය, කෙසේ හෝ ගොඩ බා ඇත්තේ දුම්රිය හරස් මාර්ගයක් මතටය.

එම අවස්ථාවේදී රේල් ගේට්ටු වැසී තිබුණු අතර, දුම්රියක් ධාවනය වෙමින් තිබුණි.

අවට සිටි පොලිස් නිලධාරීන් කීපදෙනකු වහා ක්‍රියාත්මක වී යානයේ නියමුවා පිටතට ගත් සැණින් දුම්රිය යානයේ ගැටෙන අයුරු වීඩියෝ දසුන්වල දකින්න ලැබේ.

යානයේ සිටින්නේ ද නියමුවා පමණි. තුවාල ලැබූ ඔහු කඩිනිමින් රෝහල් ගත කෙරුණි.

එම ත්‍රාසජනක සිදුවීම ජංගම දුරකතනයෙන් රූගත කිරීමට අසල සිටි 21 ක් හැවිරිදි සංගීතකරුවකු සමත් විය. මෙහි ඇත්තේ එම වීඩියෝ දසුනය. 

වේගයෙන් ධාවනය වූ දුම්රියට සුළු හානි සිදුවී ඇති නමුත්, දුම්රියේ රියැදුරන්ට හෝ දුම්රියේ සිටි වෙන කිසිවකුට හෝ අනතුරක් සිදුනොවිණි.

(රොයිටර්)



අදහස් (0)

දුම්රිය මාර්ගයට පාත් කළ ගුවන් යානය දුම්රියේ ගැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 254 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 129 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1760 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site