IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තුර්කියේ විරෝධතා උත්සන්න වෙයි

තුර්කියේ ඉස්තාම්බුල් නුවර උද්‍යානයක සාප්පු සංකීර්ණයක් ඉදිකිරීමට එරට රජය තීරණය කිරීමත් සමඟ, ඊට විරෝධය පළ කරමින් ඊයේ (3) ද දැවැන්ත විරෝධතා රැලි කිහිපයක් පැවැත් වුණු අතර විරෝධතාකරුවන් සහ පොලිසිය අතර හටගත් ගැටුම්වලින් 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

අත්අඩංගුවට ගැනුණු විරෝධතාකාරියක්


මේ වනවිට 1,700 කට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත. විරෝධතාකරුවන් පලවා හැරීමට කඳුළු ගෑස් සහ බැටන් ප‍්‍රහාරද එල්ල කිරීමට පොලිසියට සිදුවිය.
එම අවස්ථාවේදී විරෝධතාකරුවන් රජයේ ගොඩනැගිලිවලට පහර දී අලාභහානි සිදු කළ බව ද වාර්තා වේ. විරෝධතාකරුවන් එක හඬින් කියා සිටියේ අගමැති එඞ්රෙගොන් ධුරයෙන් ඉවත් විය යුතු බවය.
ඊයේ දිනයේදී ද විරෝධතාකරුවන් අගමැති කාර්යාලය ඉදිරියට ගොස් ඊට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ද උත්සහ කළ නමුත් පොලිසිය මැදිහත්වීමෙන් එය වැළැකිණි.
මේ අතර කලක් තුර්කියේ මිතුරකුව සිටි සිරියා ජනාධිපති බෂීර් අල් අසාද් චෝදනා කරන්නේ තුර්කි අගමැති තම ජනතාව පීඩාවට පත් කරන බවටය.
තුර්කි අගමැතිවරයා පවසා ඇත්තේ කොතරම් බාධා ආවත් ඉස්තාම්බුල් නගරයේ නවීකරණ කටයුතු නවත්වන්නේ නැති බවය.

විරෝධතාකරුවන්ට කඳුළු ගෑස්


 



අදහස් (0)

තුර්කියේ විරෝධතා උත්සන්න වෙයි

ගමගේ Tuesday, 04 June 2013 11:22 AM

ලෝකෙම උණුසුම් වෙලා

:       0       0

මුතුකුඩ Wednesday, 05 June 2013 02:50 AM

අඥාන මිනිසුන් පිරිසක් දියුණුවේ රහස දන්නේ නැත. දැන ගත්තත් කරන්න දෙන්නේ නැත.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 570 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2268 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1703 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site