සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිටින ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට තුර්කිය අසමත් වී ඇතැයි රුසියාව චෝදනා කරයි.
කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන අවසන් බල ප්‍රදේශය වන ඉඩ්ලිබ් පළාතේ ගැටුම් උත්සන්න වී තිබේ. සිරියානු රජයේ හමදා කැරැලිකරුවන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කරන අතර තුර්කි හමුදා වෙත ද ප්‍රහාර එල්ල විය.
සිරියානු රජයේ හමුදා සහ තුර්කි හමුදා අතර ඇති වූ ගැටුම් හේතුවෙන් වසර නවයක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබෙන සිරියානු සිවිල් යුද්ධය උග්‍ර අතට හැරෙනු ඇතැයි ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
තුර්කි හමුදාවලට ප්‍රහාර එල්ල වීම නිසා රුසියාව සහ තුර්කිය අතර ද මතභේද නිර්මාණය වී තිබේ.
‘‘ත්‍රස්තවාදී කණ්ඩායම් පාලනය කිරීමට තුර්කියට වගකීමක් තිබෙනවා’’ යැයි රුසියාවේ, ක්‍රෙම්ලීනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසීය. ඉඩ්ලිබ් පළාත සම්බන්ධයෙන් තුර්කිය සහ රුසියාව අතර ද්විපාර්ශ්වීය ගිවිසුම් කිහිපයක් පවතී.
ඉඩ්ලිබ් පළාතේ සිටින ත්‍රස්ත කණ්ඩායම් සිරියානු රජයේ හමුදාවලට ප්‍රහාර එල්ල කරන බව හෙතෙම කීවේය.
ඔවුන් රුසියානු හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් තිබෙන බව ද ඔහු කීය.
ඒ.එෆ්.පී.
055
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
තුර්කියට රුසියාවෙන් චෝදනාවක්