කටාර් රජ පවුලෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පිරිනැමුණු ඇමෙරිකන් ඩොලර් මිලියන 400 ක් වටිනා අති සුඛෝපබෝගී බෝයිං 747-8 වර්ගයේ මගී ගුවන් යානය ඇමෙරිකන් ආරක්ෂක දෙපාර්තමේන්තුවට ලැබී ඇත.
ඇමෙරිකන් ජනාධිපතිවරයා භාවිතයට ගන්නා නිල ගුවන් යානය හැඳින්වෙන්නේ ‘එයාර් ෆෝස් 1’ යන නමිනි. ට්‍රම්ප් දැනට භාවිතයට ගන්නා වසර 40 ක් තිස්සේ ඇමෙරිකන් ජනාධිපතිවරුන් භාවිතයට ගන්නා බෝයිං ගුවන් යානයකි.
කටාර් රජ පවුලෙන් තෑගි වශයෙන් හිමිවුණු බෝයිං 747-8 යානය දැනට භාවිතයට ගන්නා ‘එයාර් ෆෝස් 1’ යානයට වඩා ප්‍රමාණයෙන් විශාල වෙයි. ආරක්ෂක දෙපාර්තමේන්තුව යානය හොඳින් පරීක්ෂා කර ඇමෙරිකන් ජනාධිපතිවරයට ගැලපෙන ආකාරයෙන් එය වෙනස් කිරීමක් කරනු ඇත. යානයට, විශේෂ ආරක්ෂක පද්ධතියක් ද සවි කරනු ඇත.
ජනධිපති ට්‍රම්ප්ට මේ අයුරින් ගුවන් යානයක් තෑගි ලැබීම ප්‍රතිවාදී ඩිමොක්‍රටික්වරුන්ගේ පවා දැඩි විවේචනයට හේතුවක් විය. කෙසේ නමුත් ට්‍රම්ප් පවසා ඇත්තේ, තමන් තම ධුර කාලය අවසන් වීමෙන් පසු ගුවන් යානය ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ පුස්තකාලයට පරිත්‍යාග කරන බවය.
(ඒ.එෆ්.පී.)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ට්‍රම්ප්ට තෑගි ලැබුණු යානය ආරක්ෂක දෙපාර්තමේන්තුවට