IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවට

ඉන්දු-ඇමෙරිකා සබඳතා නැවත ශක්තිමත් කරගැනීමේ අරමුණින් ලබන සතියේ ඉන්දියාවේ සංචාරය කරන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එම සංචාරය අතරවාරයේ දී ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමට නියමිතය.

දෙරට අතර පවතින ද්විපාර්ශ්වීය වෙළෙඳාමට සම්බන්ධ කරුණු හේතුවෙන් පසුගිය කාලයේ දී දෙරට අතර සබඳතා නරක අතට හැරිණි.

එහිදි ඔහු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ මහතාගේ නිවහන ලෙස සැළකෙන අහ්මෙදාබාද්හිදීය සංචාරය කරන අතර ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉදිකර ඇත්තේ ද අහ්මෙදාබාද්හිය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ලෙස සැළකෙන ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන්නේ පළමු වරටය.

පෙබරවාරි 24 සහ 25 යන දෙදින ඔහු මෙලෙස ඉන්දියාවේ සංචාරය කරනු ඇති අතර එහිදි ඉන්දීය නිදහස් සටනේ වීරයා ලෙස සැළකෙන මහත්මා ගාන්ධිතුමාගේ නිවහන නැරැඹීමට යෑමට ද නියමිත බව ද වාර්තා විය. මහත්මා ගාන්ධිතුමන්ගේ නිවහන පිහිටා ඇත්තේ ද අහ්මෙදාබාද්හි ය.

නරේන්ද්‍ර මෝදි මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසුව චීනය, ජපානය සහ ඊශ්‍රායලය යන රටවල නායකයෝ ද අහ්මෙදාබාද්හී සංචාරය කළහ. අහ්මෙදාබාද් යනු ගුජරාට් ප්‍රාන්තයේ විශාලතම නගරයයි. අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර මෝදි මහ ඇමැති ධුරය හෙබවූයේ ගුජරාට් ප්‍රාන්තයේ ය. නරේන්ද්‍ර මෝදි මහතා මුල්වරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වූයේ 2014 වසරේදී වන අතර එම මැතිවරණයේ දී මෝදි නියෝජනය කළ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය විශිෂ්ට ජයක් ලැබීය.

අහ්මෙදාබාද් නගරයේ මුඩුක්කු නිවාසවලින් සමන්විත විශාල ප්‍රදේශයක් තිබෙන අතර එම මුඩුක්කු නිවාස වැසෙන අයුරින් සුවිශාල තාප්පයක් ඉදි කරමින් තිබේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අහ්මෙදාබාද් ගුවන් තොටුපොළට නියමිතව ඇත්තේ දුප්පත් ජනතාව ජීවත් වන මෙම මුඩුක්කු නිවාස ආසන්නයෙන් දිවෙන ප්‍රධාන මාර්ගයකිනි. ඒ අනුව මුඩුක්කු නිවාස ඩොනල්ඩ් ට්‍රම්ප්ට දර්ශනය වීම වැළැක්වීමේ අරමුණින් ඉදි කෙරෙන මෙම තාප්පය අඩි හතක් උස අතර මීට 400ක් දීර්ඝය.

තාප්පය ඉදි කරන්නේ මුඩුක්කු නිවාස වැසීමට නොවන බව සඳහන් කර ඇති ඉන්දීය රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු එය ඉදි කරන්නේ ආරක්ෂිත කරුණු මුල් කරගෙන යැයි ද පසුගිය සතියේදී ප්‍රකාශ කළහ.

ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ අහ්මෙදාබාද් සංචාරය වෙනුවෙන් බලධාරීන් ඉන්දීය රුපියල් මිලියන 800ත් 850ත් අතර මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 11ත් 12ත්) වැය කිරීමට අපේක්ෂිතයග කෙසේ නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරයා අහ්මෙදාබාද්හි රැඳී සිටින්නේ පැය තුනක් යැයි රජයේ නිලධාරීහු දෙදෙනෙක් රොයිටර්ස් පුවත් සේවයට පැවැසූහ.

එම මුදල ගුජරාට් ප්‍රාන්තයේ අයවැයෙන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයට වෙන් කරන සියයට 1.5ක මුදලට සමාන බව ද වාර්තා වේ. ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් 12,000ක් යෙදවීමට නියමිත අතර ආරක්ෂාව වෙනුවෙන් දරන වියදම ඉහත වියදමෙන් අඩක් බව ද නිලධාරිහු කීහ.

ක්‍රීඩාංගනය අවට යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් මාර්ග පුළුල් කිරීමටත් දැනටමත් ඉන්දීය රුපියල් මිලියක 300කට ආසන්න මුදලක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2ක) මුදලක් වියදම් කර ඇතැයි නගරයේ ඉහළම සිවිල් නිලධාරියා වන අහ්මෙදාබාද්හි නගර කොමසාරිස්වරයා වන විජේ නේරා රොයිටර්ස් පුවත් සේවයට පැවැසීය.

දැනට ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය ලෙස සැලකෙන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයයි. අහ්මෙදාබාද්හි ඉදිකර ඇති මොටේරා ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමත් සමඟ එය ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය බවට පත්වනු ඇත. මොටේරා ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂකයන් 110,000කට අසුන් ගත හැකිය. මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ අසුන්ගත හැක්කේ 100,024කට පමණි.

‘‘අහ්මෙදාබාද් ගුවන් තොටුපොළේ සිට මොටේරා ක්‍රීඩාංගනයට දිවෙන මාර්ග 18ක් පුළුල් කළා. මේ මාර්ග දිගින් කිලෝමීටර 20ක් වෙනවා. මේ සංවර්ධනය කිරීම් ට්‍රම්ප්ගේ සංචාරයට පෙර ම සැලැසුම් කර තිබුණා’’ යැයි ද නේරා පැවැසීය.

තාප්පය ඉදි කිරීම ද ඇතුළුව නගර අලංකරණ කටයුතු සඳහා ඉන්දීය රුපියල් 60ක මුදලක් (ඇමෙරිකානු ඩොලර් 840,000ක්) වියදම් කර ඇතැයි ද හෙතෙම කීය.

මොටෙරා ක්‍රිකට් ක්‍රීඩාංගනය අයත් වන්නේ ගුජරාට් ක්‍රිකට් සංගමයට වන අතර ක්‍රිකට් ක්‍රීඩාංගනය විවෘත කිරීමෙන් පසුව පැවැත්වෙන උත්සවය වෙනුවෙන් ද ඉන්දීය රුපියල් මිලියන දහයකට වැඩි මුදලක් වියදම් කරන බව එම ක්‍රිකට් සංගමයේ ලේකම් අශෝක් බ්‍රම්භාත් පැවැසීය.

ගුවන් තොටුපොළේ සිට නගර මධ්‍යයට පැමිණෙන අවස්ථාවේදී ජනාධිපති ට්‍රම්ප්ට සුබ පැතීම සඳහා 100,000කට වැඩි පිරිසක් දැනටමත් ඒ සඳහා ලියාපදිංචි වී ඇතැයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විජේ නේරා සඳහන් කළේය.

තමා පැමිණෙන මාර්ගයට මිලියන ගණනින් ජනතාව ගෙනෙන බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පොරොන්දු වූයේ යැයි ද ඇමෙරිකානු ජනාධිපතිවරයා පසුගිය සතියේදී පැවැසීය.

ඉන්දීය සංචාරයේ දී ඩොනල්ඩ් ට්‍රම්ප් අග්‍රා නුවර සුප්‍රකට ටජ් මහල නැරැඹීමට නියමිත බවත් එම නගරයේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර ඇති බවත් තවදුරටත් වාර්තා විය. 

රොයිටර්

(055)



අදහස් (3)

ට්‍රම්ප් ලබන සතියේ ඉන්දියාවට

රංග තේනුවර Wednesday, 19 February 2020 01:47 PM

ඉන්දීය අගමැතිධුරන්දර තැන්පත් නරේන්ද්‍ර ශ්‍රී මෝදී මැතිතුමා කියන්නේ දුප්පතාගේ දුක දන්නා නායකයෙක්. එතුමාට අපගේ ආචාරය. එසේම ඇමරිකන් ජනාධිපතිධුරන්දර ශ්‍රීමත් ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා කියන්නේ ලෝක සාමය වෙනුවෙන් ඉමහත් සේවයක් කරනා නායකයෙක්. එතුමාටත් අපගේ ආචාරය. ඒ වගේ උත්තමයෙක් අපේ පුංචි ලංකාව ලග තියෙන ඉන්දියාව වගේ රටකට එන එක අපිටත් ආඩම්බරයක්.

:       2       15

sunila Wednesday, 19 February 2020 03:57 PM

ට්‍රම්ප් පප්පා එන්න පෙර තාප්ප හදල මුඩුක්කු වසන් කරනවා.සුදු ජාතිකයන් ඉතාම වාසනාවන්ත ජාතියක්.දුබුරු ජාතින් පුදුම ලෙස යටහත් පහත් ලෙස සුදු ජාතින් වන්දනා කරනවා.

:       5       4

Champa Thursday, 20 February 2020 08:52 AM

බැරි වෙලාවත් ගෙදර යන ගමන් ඩොනල්ඩ් ට්‍රම්ප් ලංකාවට එහෙම ආවොත් කළු කොඩි උස්සලා විරෝධය පල කරන්න ඕනේ. හමුදාපතිට ඇමරිකාවට එන්න එපා කියපු ඩොනල්ඩ් ට්‍රම්ප්ටත් ලංකාවට එන්න එපා කියලා.

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 537 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 328 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site