
මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ වංචා සිදුවනු ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
එළැඹෙන නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තමන් නියත වශයෙන් ජයගන්නා බවත් තමන් පරාජය කළ හැකි එකම ක්‍රමවේදය මැතිවරණයේදී වංචා කිරීම පමණක් බවත් ජනාධිපති ට්‍රම්ප් පැවැසීය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ මහ සමුළුව ඇමෙරිකා එක්සත් ජනපදයේ උතුරු කැරොලිනා ජනපදයේ චාලට්විල් නුවරදී ඊයේ (24) ආරම්භ විය. නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමද මෙහිදි සිදුවිය. ජනාධිපතිවරණය සඳහා තරග කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට මෙම සමුළුවේදී රිපබ්ලිකන් පක්ෂයේ නිල අනුමැතිය හිමිවිය. මෙවර ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයගතහොත් එය ඔහුගේ දෙවැනි සහ අවසාන ධුර කාලය වනු ඇත.
‘‘මේ ජනාධිපතිවරණයේදී අප පරාජය කළ හැකි එකම ක්‍රමවේදය වංචා කිරීම පමණයි. අපි ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරනවා’’ යැයි රිපබ්ලිකන් පක්ෂ මහ සමුළුව අමතමින් ජනාධිපති ට්‍රම්ප් කීය.
ට්‍රම්ප්ගේ ප්‍රතිවාදියා වී ඇත්තේ ඩිමොක්‍රටික් පක්ෂයේ ජෝ බයිඩන් ය. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 74 වැනි වියේ පසුවන අතර ජෝ බයිඩන් 77 වැනි වියේ පසුවෙයි. මෙවර ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන් ජයග්‍රහණය කළහොත් ඔහු ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට තේරී පත්වූ වයස්ගතම පුද්ගලයා බවට පත්වනු ඇත.
ජෝ බයිඩන්, හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ උප ජනාධිපති ධුරයද හෙබවීය.
ඩිමොක්‍රටික් පක්ෂය මෙවර ජනාධිපතිවරණයේදී තැපැල් මාර්ගයෙන් ඡන්දය ප්‍රකාශ කරමින් සහ ‘කොවිඩ්-19’ වයිරස වසංගතය භාවිත කරමින් වංචා කිරීමට උත්සාහ කරන බව ද ට්‍රම්ප් මෙහිදි චෝදනා කළේය.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
720
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ට්‍රම්ප් තමන් ගැන අධි තක්සේරුවක
anura Friday, 28 August 2020 10:22 AM
ආ ඕක ගණන් ගන්න දෙයක් නෙමේ. මෙහෙ අයියලාත් කිව්වේ ඔහොම තමයි. අන්තිමට බිංදුවට බැස්සා.. සමහරෙක් අරික්කාලට බැස්සා...