IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


‘ ට්‍රම්ප්-කිම් හමුවිය යුතුයි‘

එළැඹෙන නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මුණ ගැසිය යුතු යැයි දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් උපුටා දක්වමින් එරට පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් අද (1) පැවැසීය.
 
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා මුල් වරට මුණ ගැසුණේ 2018 වසරේදී ය.
 
 එම හමුව සිංගප්පූරුවේ දී පැවැත්විණි. උතුරු කොරියාව ඔවුන්ගේ න්‍යෂ්ටික අවි ආයුධ වැඩසටහන් අත්හරිනු ඇතැයි එහිදි බලාපොරොත්තු ඇතිවිණි. උතුරු කොරියානු නායකයා සහ ඇමෙරිකානු ජනාධිපතිවරයා අතර දෙවැනි හමුව වියට්නාමයේදී 2019 වසරේදී පැවැත්විණි. 
 
සිය න්‍යෂ්ටික අවි මධ්‍යස්ථානවලින් ප්‍රධාන පහසුකම් සපයන ස්ථානය ඉවත් කිරීමට නම් එරටට පනවා තිබෙන ආර්ථික සම්බාධක ඉවත් කරන්නැයි උතුරු කොරියානු නායකයා එම අවස්ථාවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය. ජනාධිපති ට්‍රම්ප් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අතර එහෙයින් නායකයන් දෙදෙනා අතර සාකච්ඡා අසාර්ථක විය.
 
දකුණු කොරියානු ජනාධිපති මූන්, යුරෝපා කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සමඟ විඩියෝ තාක්ෂණය ඔස්සේ අඟහරුවාදා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදි මේ සම්බන්ධයෙන් අදහස් පළ කර ඇත.
 
ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායක කිම් අතර සාකච්ඡාවක් පැවැත්වුවහොත් න්‍යෂ්ටික අවි අත්හැරීම සම්බන්ධයෙන් නැවතී ඇති සාකච්ඡා නැවත ආරම්භ කිරීමට අවස්ථාව සැලසෙනු ඇතැයි දකුණු කොරියානු ජනාධිපතිවරයා එහිදි පවසා තිබේ.

 ‘‘ඇමෙරිකාවේ ජනාධිපතිවරණයට කලින් උතුරු කොරියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය තවත් වරක් සාකච්ඡා පැවැත්විය යුතු යැයි මා විශ්වාස කරනවා’’ යැයි දකුණු කොරියානු ජනාධිපතිවරයා උපුටා දක්වමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසීය.

 ‘‘න්‍යෂ්ටික වැඩසටහන් සහ සම්බාධකවලට අදාළ ගැටලු විසඳා ගත හැක්කේ ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර සාකච්ඡාවලින් පමණක්’’ යැයි ද දකුණු කොරියානු ජනාධිපතිවරයා පවසා ඇත.

දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩලය මේ සම්බන්ධයෙන් ඇමෙරිකාවේ බලධාරීන්ට දැනුම් දී ඇත.
නැවත සාකච්ඡා කිරීමටත් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගැනීමටත් තවමත් කාලය ඇතැයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ස්ටීවන් බියේගන් පැවැසීය. උතුරු කොරියානු බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන ඇමෙරිකානු නිලධාරීන්ගේ කණ්ඩායමට නායකත්වය සපයන්නේ ස්ටීවන් බියේගන් ය.
නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පෙර ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා අතර මුහුණට මුහුණ හමුවක් පැවැත්වීම දුෂ්කර යැයි ස්ටීවන් බියේගන් පැවැසීය. ඊට ප්‍රධානම හේතුව නව කොරෝනා වයිරස වසංගතය යි. ගෝලීය අර්බුද රැසක් ඇති කළ නව කොරෝනා වයිරසය හේතුවෙන් මේ වසරේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු රැසක් අවලංගු කිරීමට සිදු විය.
 
 රොයිටර් 055



අදහස් (0)

‘ ට්‍රම්ප්-කිම් හමුවිය යුතුයි‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 731 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site