IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

ඇමෙරිකන් ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප්, එරට රාජ්‍ය ලේකම් ලෙස ෆ්ලොරීඩා ජනපදය නියෝජනය කරමින් සෙනෙට් සභාවට තේරී පත් වී සිටින 53 හැවිරිදි මාර්කෝ රූබියෝ තෝරාගෙන ඇත. රූබියෝ, 2010 වසරේ සිට සෙනෙට් මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරයි.

මාර්කෝ රූබියෝ ද ට්‍රම්ප්ගේ සමීපතම හිතවතෙකි. මෙම 2024 ජනාධිපතිවරණයේ දී ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපති සගයා වීමට පැවැති තරගයට ද රූබියෝ ඉදිරිපත් විය. කෙසේ නමුත් ට්‍රම්ප්ගේ දෙවැනියා එනම් උප ජනාධිපතිවරයා තේරී පත් වීමට සමත් වූයේ ජේ.ඩී. වෑන්ස්ය.

මාර්කෝ රූබියෝ, ලතින් සම්භවයක් ඇති අයකු බැවින්, ඔහුට ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ධුරය හිමිවුවහොත් එම ධුරය හිමිවන පළමු ලතින් සම්භවයක් ඇති තැනැත්තා ඔහු වනු ඇත.

ට්‍රම්ප් රජයේ ඉහළ තනතුරුවලට පත් කරන සියලු දෙනාට කොංග්‍රසයේ අනුමැතිය හිමිවිය යුතුය. ඔවුන්ට එම ධුර හිමිවන්නේ ඒ අනුවය. පසුගිය නොවැම්බර් 5 වැනිදා ජනාධිපතිවරණයෙන් පසු, ඇමෙරිකා පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලයත්, සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයේ බලයත් ඇත්තේ ට්‍රම්ප්ගේ රිපබ්ලිකන්වරුන් සතුවය. එහෙයින්, ට්‍රම්ප්ගේ තීන්දු තීරණවලට කිසිදු විරෝධයක් එල්ල වනනේ නැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ට්‍රම්ප්ගේ රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 744 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 368 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site