ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ යූටියුබ් නාලිකාව අත්හිටුවීමට ඇල්ෆබට් සමාගම පියවර ගෙන ඇත.
ජනාධිපති ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් ප්‍රචණ්ඩත්වය ඇති කරනු ඇතැයි යන අවදානම සලකා බලමින් ඇල්ෆබට් සමාගම මෙම පියවර ගෙන තිබේ.
යූටියුබ් වීඩියෝ බෙදාහැරෙන සමාජ මාධ්‍ය අයත් ගූගල් සමාගමේ මවු සමාගම වන්නේ ඇල්ෆබට් සමාගම යි.
ජනාධිපති සහාය දක්වන කණ්ඩායම් වොෂින්ටන් අගනුවර කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් පසු ෆේස්බුක් සහ ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ජාල කිහිපයක්ම ඒවායේ තිබෙන ජනාධිපති ට්‍රම්ප්ගේ ගිණුම් අවහිර කිරීමට පියවර ගත්තේ ය.
යූටියුබ් වීඩියෝ බෙදාහරින සමාජ ජාලය ගත් නව පියවරවලට අනුව ට්‍රම්ප්ගේ යූටියුබ් නාලිකාවෙන් වීඩියෝ සජිවීව විකාශය සහ නව විඩියෝ ඊට ඇතුළත් කිරීම දින 7කට අත්හිටුවා ඇත. ඊට අමතරව ට්‍රම්ප්ගේ යුටියුබ් නාලිකාවේ තිබෙන වීඩියෝවලට අදහස් ප්‍රකාශ කිරීම අත්හිටුවා ඇත.
කැපිටල් ගොඩනැගිල්ලේ සිදුවීමෙන් පසු ජනාධිපති ට්‍රම්ප් අඟහරුවාදා (12) මාධ්‍ය හමුවක් පැවැත්වූ අතර එය ඔහුගේ යුටියුබ් නාලිකාව ඔස්සේ විකාශය කෙරුණි. ඊට පසු යුටියුබ් සමාගම මෙම පියවර ගත්තේ ය.
(රොයිටර්)
055
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ට්‍රම්ප්ගේ යුටියුබ් නාලිකාව අත්හිටුවයි