ටැන්සානියාවේ උතුරු දිග ක්‍රීඩා භූමියක දේව මෙහෙයක් පැවැත්වෙන අවස්ථාවේ සිදුවූ කලබලයකින් 20දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මියගිය අය අතර කුඩා දරුවන් පස්දෙනකු ද සිටින බව සඳහන් වේ.
කිළිමන්ජාරෝ කඳු බෑවුම අසල පිහිටි මෝෂි නගරයේ පැවැත්වුණු මෙම දේව මෙහෙය සඳහා සියගනනක් පිරිස් රැස්වී සිටියහ.
සෞභාග්‍යය සහ රෝග සුවය පතා බොහෝදෙනකු මෙම පූජාවට සහභාගී වී ඇති බවත් "ආශිර්වාද තෙල්" වලින් අභිෂේක කිරීමට සූදානම් වන අවස්ථාවේ මෙම කලබලය සිදුවී ඇති බවත් පොලිසිය පවසයි.
මිය ගිය ගණන තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇති බව බලධාරීහු පවසති.
මිලියන 55ක් පමණ වන ටැන්සානියාවේ බොහෝ ජනයා දිළිඳුකමින් පීඩා විඳින අතර පෙන්තකොස්ත සභාව විසින් මෙහෙයවන මෙවැනි දේවමෙහෙයන් සඳහා සහභාගී වන පිරිස් වැඩිවෙමින් පවතින බව පැවසේ.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටැන්සානියාවේ දේව මෙහෙයක වූ කලබලයකින් 20ක් මරුට