IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ජුලියන් ඇසෙන්ජ් ගැන බි‍්‍රතාන්‍යයත් එක්වදෝරයත් අතර සාකච්ඡා

ඇමෙරිකා හමුදා සහ රාජ්‍ය රහස් ලොවට හෙළි කිරීමෙන් ඇමෙරිකාවේ උදහසට ලක් වී, ස්වීඩනයට පිටුවහල් වීමෙන් වැළැකී, බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ රැකවල් ලැබ සැඟවී සිටින විකිලීක්ස් වෙබ් අඩවියේ සංස්කාරක ජුලියන් ඇසෙන්ජ් සම්බන්ධයෙන් එක්වදෝර් රජය සමඟ යළිත් වරක් සාකච්ඡා කරන බව බි‍්‍රතාන්‍ය රජය පවසයි.

බි‍්‍රතාන්‍ය රජය මේ බව කියා සිටියේ ඇසෙන්ජ්ගේ ‘විකිලීක්ස්’ වෙබ් අඩවියට ඇමෙරිකා හමුදාවේ රහස් තොරතුරු ලබා දුන්නැයි චෝදනා ලැබ මීට තෙවසරකට පෙර අත්අඩංගුවට ගත් ඇමෙරිකා සෙබළ බ‍්‍රැඞ්ලි මෑනිංගේ නඩු විභාගය පෙරේදා (3) ඇරැඹීමත් සමඟය.

ස්වීඩන ජාතික කාන්තාවන් දෙදෙනක දුෂණය කළේ යැයි ඇසෙන්ජ්ට චෝදනා එල්ල වී ඇත. ඒ සම්බන්ධයෙන් ස්වීඩනයේ නඩු විභාගයක් ද පැවැත්වෙයි. ඇසෙන්ජ් තමන්ට බාර දෙන්නැයි ස්වීඩන රජය බි‍්‍රතාන්‍ය රජයට දන්වා ඇති අතර බි‍්‍රතාන්‍ය අධිකරණය ඇසෙන්ජ් ස්වීඩනයට පිටුවහල් කිරීමට අණ කළේය. ඒ, මීට මාස කිහිපයකට පෙරදීය.

ස්වීඩනයට පිටුවහල් වීමෙන් වැළැකී, ඇසෙන්ජ් බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි දකුණු ඇමෙරිකානු රාජ්‍යයක් වන, එක්වදෝරයේ තානාපති කාර්යාලයට ගොස් එහි ආරක්ෂාව පැතුවේය. පිටතට පැමිණියහොත් ඔහු අත්අඩංගුවට ගැනීමට බි‍්‍රතාන්‍ය පොලිසිය සූදානමින් සිටී.



අදහස් (0)

ජුලියන් ඇසෙන්ජ් ගැන බි‍්‍රතාන්‍යයත් එක්වදෝරයත් අතර සාකච්ඡා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 404 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2184 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1654 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site