
ෂින්සෝ අබේගෙන් පුරප්පාඩු වූ ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා වන තරගය මේ වනවිට තීව්‍ර වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අග්‍රාමාත්‍ය ධුරයට තරග වදින අලුත්ම පුද්ගලයා බවට පත්ව ඇත්තේ ජපාන කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ලේකම්වරයා වන යොෂිහිඩේ සුගා ය. සුගා, ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය හෙබ වූ ෂින්සෝ අබේගේ සමීපතමයකු වේ.
දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ෂින්සෝ අබේ ඉකුත් දා (28) එම ධුරයෙන් ඉල්ලා අස්විය.
‘‘මට ජනතාව වෙනුවෙන් හොඳම තීරණ ගන්න බැරි නම් මට තවදුරටත් අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන්න බැහැ. ඒ නිසා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට මා තීරණය කළා’’ යැයි ෂින්සෝ අබේ පුවත්පත් සාකච්ඡාවක් අමතමින් පැවැසීය. ෂින්සෝ අබේ මේ වනවිට 65 වැනි වියේ පසුවෙයි.
මුලදී අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම සම්බන්ධයෙන් වන ඉල්ලීම ප්‍රතික්ෂේප කළ සුගා පසුගිය දින කිහිපයේදී වෙනස් ස්ථාවරයක් දරන බව ජපාන පුවත් සේවා වාර්තා කළේය. දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් අනපේක්ෂිත අයුරින් ෂින්සෝ අබේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ අග්‍රාමාත්‍ය ධුරයට තරග වදින්නැයි කරන ඉල්ලීමක් කෙරෙහි සුගා අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
වසර අටක් තිස්සේ ෂින්සෝ අබේ පරිපාලනය ගෙන ගිය මූල්‍ය ක්‍රමවේද අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් යොෂිහිඩේ සුගා ද ඉදිරියටත් ක්‍රියාත්මක කරනු ඇතැයි පැවසේ. අබේ ආණ්ඩුව අයවැය සහ මූල්‍ය උත්තේජක ක්‍රමවේද ක්‍රියාත්මක කළේය.
ෂින්සෝ අබේගේ ඉල්ලා අස්වීමත් සමඟ ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය තුළ නායකත්වය සඳහා සටනක් නිර්මාණය වී තිබේ. ජපාන පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ බහුතරය හේතුවෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකයා එරට අග්‍රාමාත්‍ය ධුරයට පත්වේ.
සුගා අර්බුද කළමනාකරණය කිරීමේ දක්ෂයකු ලෙස පිළිගැනේ. මේ තත්ත්වය හේතුවෙන් ‘කොවිඩ්-19’ වසංගතය පාලනය කිරීම සහ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු ජපානයේ ඇති වී තිබෙන ප්‍රබලම ආර්ථික පසුබැසීම යනාදී අභියෝගවලට මුහුණ දීමට යොෂිහිඩේ සුගා ට සිදුවනු ඇතැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි.
හිටපු විදේශ අමාත්‍යවරයකු වන ෆුමියෝ කිෂිඩා, හිටපු ආරක්ෂක අමාත්‍යවරයා ෂිගෙරු ඉෂිබා අග්‍රාමාත්‍ය සටනේ ඉදිරියෙන් සිටින්නෝ වෙති.
ජපානයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු මෙන්ම අනුහස් සහිත නායකයකු ලෙස හැඳින්වෙන ජුනිචිරෝ කොයිසුමිගේ පුතා වන පරිසර අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමිගේ නම ද අග්‍රාමාත්‍ය ධුරය සඳහා යෝජනා වී තිබිණි. කෙසේ නමුත් 39 හැවිරිදි වියේ පසුවන ෂින්ජිරෝ කොයිසුමි තමන් අග්‍රාමාත්‍ය ධුරයට තරග වදින්නේ නැතැයි ප්‍රකාශ කළේය. ආරක්ෂක අමාත්‍ය ටාරෝ කොනෝ අග්‍රාමාත්‍ය සටන පිවිසිය හොත් ඔහුට සහාය දෙන බව ද හෙතෙම කීවේය.
හිටපු අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරියක වන සෙයිකෝ නොඩා සහ හිටපු ආරක්ෂක අමාත්‍යවරියක වන ටොමෝමි ඉනාඩා ද අග්‍රාමාත්‍ය ධුරයට ඉදිරිපත්ව සිටිති. ටොමෝමි ඉනාඩා දැඩි මූල්‍ය පාලනයක් ඇති දේශපාලනඥයකු ලෙස පිළිගැනේ. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු අග්‍රාමාත්‍ය ධුරයට පත්වුවහොත් ජපානයේ අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක පත් වූ පළමු අවස්ථාව එය වනු ඇත.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
719
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපාන අග්‍රාමාත්‍ය ධුරයට දැඩි තරගයක්