IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


චීනයේ අපනයන සියයට 1.4 කින් පහත වැටේ

අඛණ්ඩව සිවුවැනි මාසයටත් චීනයේ අපනයන පහත වැටී ඇති අතර එසේ වුවත් එරට ආනයන ඉහළ ගොස් තිබේ.

ඉකුත් නොවැම්බර් මාසයේදී චීනයේ අපනයන සියයට 1.1කින් පහත වැටී තිබෙන අතර ඔක්තෝබර් මාසයේදී සියයට 0.9කින් අපනයන පහත වැටිණි. ඇමෙරිකා එක්සත් ජනපදයත් සමඟ තිබෙන වෙළෙඳ යුද්ධය උග්‍ර අතට හැරෙමින් තිබෙන අවස්ථාවක මෙලෙස චීනයේ අපනයන පහත වැටී තිබේ.

චීනයේ අපනයන අඩු වීමෙන් ගෝලීය ඉල්ලුම අඩු වී ඇති බව පෙනී යයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය චීනයේ අපනයන සියයට 0.8කින් අඩු වේ යැයි අපේක්ෂා කළ නමුත් චීනය නිකුත් කළ නිල දත්තවලට සාපේක්ෂව තත්ත්වය බරපතළ අතට හැරී තිබේ.

පසුගිය වසරේ නොවැම්බර් මාසය හා සැසඳීමේදී ඉකුත් වසරේ නොවැම්බර් මාසයේදී ආනයන සියයට 0.3කින් ඉහළ ගොස් තිබේ. කෙසේ නමුත් ඊට පෙර මාස හයේදී චීනයේ ආනයන ද පහළ වැටිණි. බ්ලූම්බර්ග් වෙබ් අඩවිය මඟින් කරන ලද විශ්ලේෂණයට අනුව චීනයේ ආනයන සියයට 1.4කින් පහත වැටෙනු ඇතැයි විශ්ලේෂකයන් පෙන්වා දී තිබිණි.

චීනය සහ ඇමෙරිකාව අතර වෙළෙඳ හිඟය ඉකුත් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 26.42 සිට ඩොලර් බිලියන 24.61ක් දක්වා පහත වැටුණු අතර එම නිසා ඇමෙරිකාව කෝපයට පත්ව ඇත.

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් පසුගිය වසරේදී වෙළෙඳ යුද්ධයක් ඇතිවිය. ඇමෙරිකාව සහ චීනය අතර ඇති වූ වෙළෙඳ යුද්ධය හේතුවෙන් ලෝක වෙළෙඳපොළවල කැලැඹීමක් ඇති කළ අතර ආයෝජකයන්ගේ විශ්වාසය ද පහත දැමුවේය.

ඒ.එෆ්.පී. 

055

 



අදහස් (0)

චීනයේ අපනයන සියයට 1.4 කින් පහත වැටේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site