IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ගවයින්ගේ කිරි අස්වැන්න ඉහළ නැංවීමට අතථ්‍ය යථාර්ථය පදනම් වූ තාක්ෂණය

කිරි ගවයින් තුළ ඇතිවන කලබලකාරී තත්ත්වය දුරු කිරීමට ගවයින්ගේ හිස්වල අතථ්‍ය යථාර්ථය පදනම් වූ තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන උපාංගයක් සවිකිරීමේ වැඩපිළිවෙලක් රුසියාවේ ආරම්භ කර තිබේ.

කිරි අස්වැන්න සහ ගවයින්ගේ සංවේදනාවන් අතර සම්බන්ධයක් පවතින බව මොස්කව්හි කෘෂිකර්ම සහ ආහාර අමාත්‍යංශය සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී ඇත.

ඒ අනුව මූලික පර්යේෂණවලදී ගව පට්ටියේ චිත්තවේගී සංවේදනාවන් ඉහළ නංවා තිබේ.

මොස්කව්හි ගොවිපළක මෙම පර්යේෂණාත්මක අත්හදා බැලීම සිදුකර ඇත.

නිස්කලංක වාතාවරණයක් තුළදී කිරිවල ගුණාත්මකභාවය සහ ප්‍රමාණය කැපී පෙනෙන ලෙස ඉහළ යන බව විවිධ රටවල නිරීක්ෂණ ඇසුරෙන් පෙනී ගොස් තිබේ.

-226-

(බීබීසී ඇසුරෙනි)

 



අදහස් (5)

ගවයින්ගේ කිරි අස්වැන්න ඉහළ නැංවීමට අතථ්‍ය යථාර්ථය පදනම් වූ තාක්ෂණය

chandima Wednesday, 27 November 2019 11:41 PM

අපරාදේ, පසුගිය ඡන්දෙන් ගෝඨාභය දිනුවේ නැතිනම් ඔයගැන සම්මන්ත්‍රණයක් තියන්න තිබුණා.. කොළඹ හෝටලේක ටයි, කොට් දාලා කිරි ගවයොත් ගෙන්නාගෙන...

:       0       30

රවින් Thursday, 28 November 2019 12:02 AM

එළදෙනුන්ට ඇතිවෙන මේ අවස්ථාව සාමාන්‍යයෙන් සෑම සතෙකුටම ඇතිවන පොදු අවස්ථාවක්. මේකට සිංහලෙන් කියන්නේ " ඇඟේ ලේ උණුවෙනවා කියලා. සමහර උදවිය කියනවා ඇඟේ මාළු නටනවා කියලා. "බියක් චකිතයක් ඇතිවූ අවස්ථාවලදී ශරීරය තුළ ඇතිවන ක්‍රියාකාරීත්වය (අඩ්රිනලින්) වැඩිවීමේ ප්‍රතිඵලයක්...

:       0       18

දයාල් Thursday, 28 November 2019 04:32 AM

අපේ රටටත් මෙයින් 225ක් ගෙනාවා නම් හරි..

:       0       1

kimThursday, 28 November 2019 06:44 AM

මම හිතන්නේ ලක්ෂ 70ක් විතර ඕනෑවෙයි. ඔය 225 කියන්නේ හරක් කියන කතාවේ හරයක් නෑ.

:       0       53

sachith Thursday, 28 November 2019 06:13 AM

මේ ලිපියේ තියෙන "අතථ්‍ය යථාර්ථය" කියන එක වර්චුවල් රියැලිටි. තාක්ෂණික දේවල්වලට අදාලව වචන සිංහලට පරිවර්තනය කරන එක කොච්චර දුරට සාර්ථකද කියන එක ප්‍රශ්නයක්.. එ්ක නිසා එක්කෝ ඉංග්‍රීසි වචනයම හෝ වෙනත් තාක්ෂණය අර්ථවත් වෙන විදිහේ වචන හැදුවා නම් හරි.

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 765 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2407 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site