IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ගල්ෆ් රටවලිනුත් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

කුවෙට් සහ බහ්රේන් යන ගල්ෆ් රටවලින් ද කොරෝනා ආසාදිතයන් හමු වී ඇතැයි දෙරට සෞඛ්‍ය අමාත්‍යවරු අද (24) නිවේදනය කළහ.

කොරෝනා ආසාදිතයන් සියලු දෙනා පැමිණ ඇත්තේ ඉරානයේ සිට යැයි ද ඔවුහු ප්‍රකාශ කළහ.

කුවෙට් රාජ්‍යයෙන් කොරෝනා ආසාදිතයන් තිදෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වූ අතර බහ්රේනයෙන් කොරෝනා ආසාදිතයකු වාර්තා වූ බව ද ඔවුහු කීහ.

‘‘ඉරානයෙන් පැමිණෙන සියලු දෙනා පරීක්ෂාවට ලක් කරනවාග ඉරානයේ මෂාද් ශුද්ධ වූ නගරයෙන් පැමිණි තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වුණා’’ යැයි කුවෙට් සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

කොරෝනා ආසාදනය වී ඇත්තේ 53 හැවිරිදි කුවෙට් ජාතිකයකුටල 61 හැවිරිදි සෞදි පුරවැසියකුට සහ 21 හැවිරිදි රටක් නොමැති අරාබි වැසියකුට යැයි ද එම නිවේදනයේ දැක්විණි.

‘‘ඔවුන් සියලු දෙනාම සමීප නිරීක්ෂණයට ලක් කරනවා’’ යැයි කුවෙට් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

ඉරානයෙන් පැමිණෙන නෞකාවලට කුවෙට් සීමාවට පැමිණීම තහනම් කිරීමටත් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටත් කුවෙට් රාජ්‍ය පියවර ගෙන තිබේ.

තම රටේ පුරවැසියන් නොවන අයට රටට ඇතුළුවීම තහනම් කිරීමට ද කුවෙට් රාජ්‍ය පියවර ගෙන ඇත.

කුවෙට් රාජ්‍යයේ ජනගහනයෙන් තුනෙන් එකක් වන මිලියන 1.4 ක් ෂියා මුස්ලිම්වරුය. ඔවුහු නිරන්තරයෙන් ෂියා ආගමික ස්ථාන වැඳ පුදාගැනීම සඳහා ඉරානයට ගමන් කරති. ඉරාන සේවකයෝ 50,000ක් ද කුවෙට් රාජ්‍යයේ සේවය කරති.

බහ්රේන ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක් ෂියා මුස්ලිම්වරු වන අතර ඔවුහු ද නිරන්තරයෙන් ඉරානයට ගමන් කරති.

කොරෝනා වයිරසයේ ව්‍යාප්තියත් සමඟ කුවෙට් රාජ්‍ය සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට ඉරාකය පියවර ගත්තේය.

අසල්වැසි එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ද කොරෝනා ආසාදිතයන් 13 දෙනෙකු පිළිබඳව වාර්තා වී අතර ඔවුහු සියලුදෙනාම විදේශිකයෝය.

මෙතෙක් කොරෝනා ආසාදිතයන් වාර්තා වී නොමැති ගල්ෆ් රටවල් වනුයේ සෞදි අරාබිය, ඕමානය සහ කටාර් රාජ්‍යයිග එම රටවල් ද චීනයට ගමන් කිරීම හා එරටින් ගුවන් යානා පැමිණීම තාවකාලිකව නවතා දමා ඇත.

 

ඒ.එෆ්.පී.

 

055



අදහස් (0)

ගල්ෆ් රටවලිනුත් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 747 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2403 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1757 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site