නවසීලන්තයේ ගිනි අවි පාලන නීති දැඩි කිරීමට එරෙහිව ගිනිඅවි හිමිකරුවන් 50 දෙනෙකුගේ පමණ සහභාගිත්වයෙන් අද විරෝධතාවක් පැවැත්වුණි.
ගිනි අවි පාලනය කිරීම සඳහා එරට ආග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් මහත්මිය ගෙන ඇති පියවර ජාත්‍යන්තර ප්‍රශංසාවට ලක්වී තිබේ.
කෙසේ වුවත් ලබන වසරේ නවසීලන්ත මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර අග්‍රාමාත්‍යවරිය පසුගිය සැප්තැම්බර් මාසයේ හඳුන්වා දුන් නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ගිනි අවි අලෙවිකරුවන් ඇතුළු පාර්ශ්ව ගණනාවක විරෝධතා එල්ල විය.
පසුගිය මාර්තු මාසයේ පුද්ගලයින් 51 දෙනෙකුට මරු කැඳවමින් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු එරට ගිනි අවි පාලනය සම්බන්ධයෙන් කතිකාවක් ගොඩනැගුණි.
ඒ අනුව සියලුම වර්ගයේ අර්ධ ස්වයංක්‍රිය ගිනි අවි අලෙවිය සහ භාවිතය තහනම් කිරීමටද එරට අග්‍රාමාත්‍යවරිය පියවර ගත්තාය.
-226
(රොයිටර් ඇසුරෙනි)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ගිනිඅවි පාලන නීතිවලට එරෙහිව විරෝධතාවක්