IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


කොරියා හමුදා සෙබළුන් යුක්රේන හමුදා ග්‍රහණයේ

රුසියාවට සහාය පළ කරමින්, යුක්රේන යුද්ධයට සම්බන්ධ වී සිටින, උතුරු කොරියානු සොල්දාදුවන් පිරිසක්, යුක්රේන හමුදාව විසින් අල්ලා ගනු ලැබූ බව, යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මාධ්‍ය හමුවකදී පැවැසීය.

රුසියානු යුක්රේන යුද්ධයේ දී, රුසියාවට සහාය පළ කරමින්, ඊට සම්බන්ධ වී සිටින උතුරු කොරියානු සොල්දාදුවන්, යුක්රේන හමුදා අත්අඩංගුවට පත් වුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.

කෙසේ නමුත්, යුක්රේන හමුදා විසින් අල්ලා ගනු ලැබූ අවස්ථාවේදී, එම උතුරු කොරියානු සොල්දාදුවන් බරපතල ලෙස තුවාල ලබා සිටි බවත්, එම තුවාල හේතුවෙන් ඔවුන් සියලු දෙනා මියගිය බවත් යුක්රේන ජනාධිපති වැඩි දුරටත් පැහැදිලි කර ඇත. උතුරු කොරියානු සොල්දාදුවන් තුවාල ලැබුවේ, යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරයකිනි.

‘යුද සිරකරුවන් ලෙස අපේ සොල්දාදුවන් උතුරු කොරියානු සොල්දාදුවන් අල්ලා ගත්තා. ඒත් ඒ වනවිටත් ඔවුන් බරපතල ලෙස තුවාල ලබා සිටියා. අපි ඔවුන්ට කඩිනමින් ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් ඔවුන් එම තුවාල හේතුවෙන් මියගියා’ යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී වැඩි දුරටත් පැහැදිලි කළේය.

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ පවතින්නේ සමීපතම මිත්‍රත්වයකි. රුසියනු යුක්රේන යුද්ධයට උතුරු කොරියාව මැදිහත් වී සිටින්නේ රුසියාවට සහාය පළ කිරීමක් ලෙසය. යුක්රේනය සහ රුසියාව සේම, රුසියාව සහ උතුරු කොරියාව ද අසල්වැසි රටවල්ය.

උතුරු කොරියාවේ මිසයිල, ආයුධ නිෂ්පාදන සහ අභ්‍යවකාශ වැඩසටහන්වලට සහාය දක්වන්නේ රුසියාවය. මේ සියල්ල සැලකිල්ලට ගනිමින්, උතුරු කොරියාව, ඔවුන්ගේ සොල්දාදුවන් 10,000 ක් රුසියනු යුක්රේන යුද්ධයට සම්බන්ධ කරමින්, රුසියාවට යවා ඇති අතර, එම සොල්දාදුවෝ රුසියන් හමුදාවට සහාය දක්වමින් පෙරමුණ සටන් බිමට ගොස් සිටිති. මේ වනවිට යුක්රේන හමුදා ප්‍රහාරවලින් මියගිය උතුරු කොරියානු සොල්දාදුවන් ගණන 50 කට වැඩි යැයි පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

කොරියා හමුදා සෙබළුන් යුක්රේන හමුදා ග්‍රහණයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

නව පාප්තුමා 14 වැනි ලියෝ
2025 මැයි මස 08 3629 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව


සුදු දුමක්: පාප් ධුරයට සුදුස්සෙක් තෝරා ගැනෙයි
2025 මැයි මස 08 2886 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ


චීන ජනාධිපති රුසියාවේ සංචාරයක
2025 මැයි මස 08 150 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවී සාකච්ඡා පවත්වා, චීනය සහ රුසියාව අතරේ උපාය මාර්ගික හවුල්කාරීත්වය වර්ධනය කර ගැනීම චීන ජනාධිපතිවරයාගේ මෙම සංච


චීනය එක්ක සාකච්ඡාවට ඇමෙරිකාව සූදානම්
2025 මැයි මස 08 165 0

චීනය සමඟ සාකච්ඡා පවත්වා, තීරු බදු පැනැවීමත් සමඟ හටගත් වෙළෙඳ යුද්ධය අවසන් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.


ලාහෝරයට ආ ඩ්‍රෝන යානය පහර දී බිම හෙලයි
2025 මැයි මස 08 155 0

පාකිස්තානයේ ලාහෝර් නුවරට ඉහළින් පියාසර කරමින් තිබුණු නියමුවන් රහිත ඩ්‍රෝන යානයක් පහර දී බිම දැමීමට පාකිස්තාන ආරක්ෂක අංශ සමත් විය. එය ඉන්දීය හමුදාවට අ


කොන්සවටිව් නායකයා ජර්මන් චාන්සලර් ධුරයට
2025 මැයි මස 08 33 0

ජර්මනියේ පාලක පක්ෂය වන කොන්සවර්ටිව් පක්ෂයේ නායක ​ෆෙඩ්‍රික් මර්ස්, එරට චාන්සලර් ධුරයට තේරීපත් විය. ඒ, පාර්ලිමේන්තුවේ පැවැති වට කීපයක ඡන්ද විමසුම්වලින


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1237 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 311 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1339 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site