IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


කාශ්මීරයේ ගැටුම්වලින් 6ක් මරුට

කාශ්මීරයේ ඇති වූ ගැටුම්වලින් ඉන්දීය ආරක්ෂක අංශ සාමාජිකයන් සිවුදෙනෙකු සහ සටන්කාමීන් දෙදෙනෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.

මෙම සිදුවීම ඉකුත් වසරේ දී කාශ්මීරයට ලබා දී තිබූ ස්වයං-පාලන අයිතිවාසිකම් ඉවත් කිරීමෙන් අනතුරුව එම ප්‍රදේශයෙන් වාර්තා වූ දරුණුම සිදුවීම යැයි ද ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

කාශ්මීරයේ බහුතරය මුස්ලිම් ජාතිකයෝ ය. ශ්‍රීනගර් ප්‍රධාන නගරයට උතුරු දෙසින් පිහිටි ආරක්ෂක මුරපොළකට සටන්කාමීන් ප්‍රහාර එල්ල කර ඇතැයි, එම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියකු මියගිය බව ද කාශ්මීරයේ පොලිස් ප්‍රධානී විජේ කුමාර් පැවැසීය. එම ප්‍රහාරයෙන් ඉන්දියාවේ මධ්‍යම පොලිස් බළකායේ නිලධාරීන් දෙදෙනෙකු ද මියගිය බව ද හෙතෙම කීය. එම ප්‍රහාරය එල්ල වී ඇත්තේ සඳුඳා උදෑසන ය.

එම ප්‍රහාරයෙන් පසු ඉන්දීය ආරක්ෂක අංශ මෙහෙයුමක් කර ඇති අතර ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරයකින් සටන්කාමීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම මෙහෙයුම අතරවාරයේදී ඉන්දීය සෙබළකු ද මරණයට පත්වූයේ යැයි විජේ කුමාර් කීය. මෙම සිදුවීමෙන් වාර්තා වූ මරණ ගණන පසුගිය වසරක කාලයේදී කාශ්මීරයේ සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් තෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා සිදු වීම වේ.

සටන්කාමීන්ගෙන් පසුගිය සිකුරාදා එල්ල වූ ප්‍රහාරයකින් ද පොලිස් නිලධාරීහු දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

ඉන්දියාව සිය පාලනයේ තිබෙන කාශ්මීරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂ ස්වයං-පාලන බලතල ලබා දී තිබිණි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී එම බලතල ඉවත් කිරීමට ඉන්දීය මධ්‍යම රජය පියවර ගත්තේ ය. කාශ්මීරයට ඉන්දියාව සහ පාකිස්තානය යන රටවල් දෙකම හිමිකම් කියයි. ඉන්දීය මධ්‍යම රජය එම විශේෂ ස්වයං-පාලන බලතල ඉවත් කිරීමෙන් පසු කාශ්මීරයේ ආගමික නොසන්සුන්තා මෙන්ම කලබල ද ඇති විය. වසර 1947 දී බ්‍රිතාන්‍ය යටත්විජිත පාලනය අවසන් වූ අවස්ථාවේ සිටම ඉන්දියාව සහ පාකිස්තානය අතර ගැටුම් හා මතභේද ඇතිවිය. රටවල් දෙකම සම්පූර්ණ කාශ්මීරයට හිමිකම් කියයි. එහෙත් අසල්වැසියන් මෙන්ම න්‍යෂ්ටික බලවතුන් ද වන ඉන්දියාව සහ පාකිස්තානය අර්ධ වශයෙන් කාශ්මීරය පාලනය කරයි.

ඉන්දියාවේ පාලක පක්ෂය වන්නේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය යි. එම පියවර ඉන්දීය ආණ්ඩුවේ මුස්ලිම් අයිතිවාසිකම් කප්පාදු කරන තවත් පියවරක් යැයි බොහෝදෙනා චෝදනා කළහ. ඉන්දීය ආණ්ඩුව එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර එම පියවර ගත්තේ කාශ්මීරය තවදුරටත් සිය රටට සමීප කරගැනීමට යැයි ප්‍රකාශ කළේය.

සඳුඳා උදෑසන සටන්කාමීන්ගේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල වීමට ගිය ද එය සාර්ථකව පාලනය කරගැනීමට හැකි වූ බව ද කාශ්මීරයේ පොලිස් ප්‍රධානී විජේ කුමාර් කීවේය. ශ්‍රීනගර්හි දකුණු දෙසට වන්නට පිහිටි පුලවාමා දිස්ත්‍රික්කයේ පාලමක් යට පුපුරණ ද්‍රව්‍ය සවි කර තිබියදී සොයාගැනීමට හැකි වූ බව හෙතෙම කීවේය.

පසුගිය සති කිහිපයේදී සටන්කාමීන්ගෙන් ගම්මානවලට එල්ල වන ප්‍රහාර මෙන්ම ගම්මානවල සභා සහ මණ්ඩලවල නායකයන්ට මෙන්ම අනෙකුත් නායකයන් ඉලක්ක කරගෙන එල්ල වන ප්‍රහාරවලද වැඩිවීමක් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාස තුනක කාලයේදී පස්දෙනකු වෙඩි තබා ඝාතනය කර ඇති අතර මේ හේතුවෙන් ගම්මානවල නායකයන් දහසකට වැඩි පිරිසක් අධිආරක්ෂිත කලාපවලට යැවීමට ද පොලිසියට සිදුව තිබේ.

ප්‍රහාරවලට ලක්වූ බොහෝදෙනා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ නායකයෝ වෙති.

(රොයිටර්)

055



අදහස් (0)

කාශ්මීරයේ ගැටුම්වලින් 6ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 717 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site