ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයෙන් පළමු කොරෝනා වෛරස මරණය වාර්තා වී ඇති අතර ඒ සමග ඇමරිකා එක්සත් ජනපදයේ වෛරසය ආසාදනය වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම මරණය වාර්තා වීමත් සමග කැලිෆෝනියා ප්‍රාන්තය වෛරසය සම්බන්ධව හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇත.

මිය ගිය පුද්ගලයා 71 හැවිරිදි වියේ පසුවූ අතර, මෙම පුද්ගලයා සක්‍රමේටෝ අසළ රෝහලකදී මියගොස් ඇත.ඔහු නෞකාවක සිට පැමිණ ඇති බව බලධාරීහු පවසති.
ඇමරිකාවේ ප්‍රාන්ත 16 ක අවම වශයෙන් පුද්ගලයන් 150 දෙනෙකුට පමණ කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා කර ඇත.
ඇමරිකා එක්සත් ජනපදයේ වූ පුද්ගල මරණ 11 න් 10 ක්ම වොෂිංටන් ප්‍රාන්තයේ සිදු වී ඇතැයි වාර්තා වේ. වසංගතය ටෙක්සාස් සහ නෙබ්‍රස්කාහි ද පැතිරී තිබේ.
මියගිය පුද්ගලයාට රෝගය ආසාදනය වී ඇත්තේ පසුගිය මාසයේ සැන් ෆ්රැන්සිස්කෝ සිට මෙක්සිකෝව දක්වා ගමන් කළ ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නම් නෞකාවේදී බවට විශ්වාස කෙරේ.
ග්‍රෑන්ඩ් ප්‍රින්සස් නෞකාව කැලිෆෝනියාවේ වෙරළට ඔබ්බෙන් රඳවා ඇති අතර ප්‍රාන්ත ආණ්ඩුකාර ගේවින් නිව්සෝම් පැවසුවේ මගීන් 11 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙකුට ආසාදනය වී ඇති බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැලිෆෝනියා ප්‍රාන්තය ’කොරෝනා’ ගැන හදිසි තත්වයක් ප්‍රකාශ කරයි