IMG-LOGO

2025 ජුනි මස 08 වන ඉරිදා


කොරෝනා මඬින්න සියල්ල කරන බව චීන ජනපති කියයි

කොරෝනා වයිරසය පරාජයට පත් කිරීමට සියල්ල කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (7) ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහතික විය. 

රටවල් 24 කට පැතිර ගොස් තිබෙන මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් 640 දෙනකු මියගොස් ඇති අතර වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 31,000 ඉක්මවා ගොස් ඇත.

වයිරසය සම්බන්ධයෙන් මුලින්ම අනතුරු ඇඟවූ වෛද්‍යවරයා ද ඉන් මියගිය බව අද (7) වාර්තා විය. වයිරසය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම නිසා එම වෛද්‍යවරයා පොලිසියේ තර්ජනයට ද ලක්විය. 

චීනය ප්‍රතිඵල අත්පත් කරගනිමින් සිටින බවත් තමන්ට මෙම වයිරසය පරාජය කළ හැකි බවත් දුරකතන ඇමතුමක් දෙමින් චීන ජනාධිපතිවරයා, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එලෙස දන්වා ඇත.

චීනයේ රාජ්‍ය රූපවාහිනී සේවය මේ පිළිබඳව වාර්තා කළ අතර ආර්ථික සංවර්ධනයට දිගුකාලීන ප්‍රතිවිපාක අත්නොවන බව ද ජනාධිපති ෂී ජින්පින්ග් ඇමෙරිකානු ජනාධිපතිවරයාට පවසා ඇත.

ඇමෙරිකාව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ව්‍යාප්ත කරන බවට චීනය පසුගිය සතියේ දී චෝදනා කළේය.

කොරෝනා වයිරසය මැඬීමේ ජාතික සටනට සහාය වීම සඳහා චීන මහ බැංකුව පසුගිය සතියේදී එරට ආර්ථිකයට යුවාන් ට්‍රිලියන 1.2ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 173ක) මුදලක් මුදා හැරියේය.

චීනය යනු ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටය. චීනයේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 2ක් හෝ ඊට වැඩි අගයකින් හෝ මන්දගාමී වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

අවසන් කාර්තුවේදී චීන ආර්ථික වර්ධන වේගය  6% ක් විය. කෙසේ නමුත් වයිරසය දිගින් දිගටම පැවැතියහොත් ආර්ථික වර්ධන වේගය තවදුරටත් පහළ වැටෙනු ඇතැයි ද ඔවුහු කියති.

පසුගිය මැයි මාසයෙන් පසුව චීන කොටස්පොළවල වාර්තා වූ දුර්වලම සහ නරකම සතිය මේ සතියේදී වාර්තා විය. මේ තත්ත්වය ආසියානු කලාපයේ කොටස් වෙළෙඳපොළ රැසකදී දැකගන්නට ලැබිණි. දින කිහිපයක් ප්‍රතිලාභ ලැබුවද මූල්‍ය වෙළෙඳපොළ බොහෝමයක් පහත වැටී ඇත. 

රොයිටර්

055



අදහස් (2)

කොරෝනා මඬින්න සියල්ල කරන බව චීන ජනපති කියයි

lanka Friday, 07 February 2020 07:17 PM

චීනය කියන්නේ ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති රටවල් අතළොස්සෙන් ඉහළින්ම ඉන්න රටක්... ඒ වගේම උද්ඝෝෂණ බැහැ. තම රටේ අභ්‍යන්තර ප්‍රශ්න ලෝකයට හංගන රටවල් වලින් එකක්... මේ කොරෝනා වෛරසය සහ එහි භයානකකම තවමත් සත්‍ය වශයෙන්ම පිටරටවල් දැනටත් දන්නේ නැහැ. එහි සත්‍ය පුවත් චීනය ලෝකයට දෙන්නේ නැහැ.

:       12       3

Rohana Saturday, 08 February 2020 06:17 AM

චීන පොලිසියත් යමක ඇත්ත නැත්ත සොයා නොබලා කටයුතු කර ඇති බවයි පේන්නේ...

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 539 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 329 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 477 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site