ලොව පුරා වේගයෙන් පැතිර යන කොරෝනා වයිරසය ආසාදනය වූ ප්‍රංශ ජාතිකයකු මරණයට පත්ව ඇතැයි එරට බලධාරීහු අද (26) ප්‍රකාශ කළහ.
මේ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් ප්‍රංශ ජාතිකයකු මරණයට පත්වූ පළමු අවස්ථාව මෙය වූ අතර හෙතෙම කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමට පටන් ගත් හෝ එවැනි සිදුවීම් වාර්තා කිසිදු ස්ථානයකට හෝ ගොස් නැතැයි ද සෞඛ්‍ය බලධාරීහු කීහ.
මෙම මරණය ප්‍රංශයෙන් වාර්තා වූ දෙවැනි මරණය වන අතර මීට පෙර චීන සංචාරයකු ප්‍රංශයේදී මරණයට පත්විය.
කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය තැනැත්තා එරට පාසලක ගුරුවරයකු බවත් ඔහු කිසිදු අවස්ථාවක කොරෝනා වයිරසය නිසා අවදානමකට ලක්ව ඇති කිසිදු නගරයකට හෝ ස්ථානයකට හෝ ගොස් නැති බවත් ප්‍රංශ බලධාරීහු කීහ.
අසනීප තත්ත්වයක් නිසා මරණයට පත් මෙම ගුරුවරයා පෙබරවාරි 12 වැනිදා නිවසේ නැවැතී ඇති අතර ඊයේ රෝහල් ගත කර ඇත.
ගුරුවරයා 60 හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත්තේ මිය යෑමට ටික වේලාවකට පෙර බවත් වාර්තා විය.
මියගිය ගුරුවරයාට අමතරව පසුගිය පැය 24 දී ප්‍රංශයෙන් විවිධ ස්ථානවලින් කොරෝනා ආසාදිතයන් සිව්දෙනකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇති අතර ඔවුන්ගෙන් දෙදෙනකු ඉතාලියේ ලොම්බාඩි වෙත ගොස් නැවත පැමිණි අය බව ද වාර්තා විය.
කොරෝනා වයිරසය ආසාදනය වූ 11 දෙනකු මේ වනවිට සුවය ලබා ඇති බවත් වාර්තා වූ සම්පූර්ණ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 17ක් බවත් ප්‍රංශ බලධාරීහු තවදුරටත් කීහ.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 04
746
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2402
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1757
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා ආසාදනය වී ප්‍රංශ ජාතිකයකු මරුට