
කිර්ගිස්ථානයේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණය අවලංගු කරන ලෙස ඉල්ලමින් විපක්ෂයේ විරෝධතාකරුවන් පිරිසක් ඒරට අගනුවර වන බිෂ්කෙක්හි පාර්ලිමේන්තුවට කඩා වැදී ඇත.
පාර්ලිමේන්තුව පිහිටි ගොඩනැගිල්ලෙන් දුමක් පිටවන බවද ඒහි කොටස් ගිනිගෙන ඇතැයි ද මාධ්‍ය වාර්තා කර තිබේ.
ධවල මන්දිරය ලෙස හැඳින්වෙන පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදීමට පෙර විරෝධතාකරුවෝ මධ්‍යම චතුරස්‍රයට රැස්විය.
විරෝධතාකරුවන් පෙර දිනයේ සිට පොලිසිය සමග ගැටුම් ඇතිකරගත් අතර ඔවුන් විසිරුවාහැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ දුම් බෝම්බ ඒල්ල කර තිබිණි.
ඒහිදී ඇතිවූ කලබලකාරී තත්ත්වය හේතුවෙන් ඒක් අයෙකු මියගොස් 600කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
පසුගිය ඉරිදා (04) පැවැත්වුණු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශකිරීමේදී ඇතිවූ අක්‍රමිකතා හේතුවෙන් මෙම විරෝධතා ආරම්භ විය. සඳුදා(05) විරුදධ පක්ෂ 12ක් ඒ්කබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ ඡන්ද ප්‍රථිපල තමන් පිළිනොගන්නා බවයි.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
713
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2383
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1748
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කිර්ගිස්ථාන විරෝධතාකරුවෝ පාර්ලිමේන්තුවට කඩා වදිති