'කොවිඩ් 19' වයිරසයට එරෙහි එන්නත් අනිවාර්ය කරන්නේ නම්, එසේ කළ යුත්තේ එය අවසන් විකල්පය නම් පමණක් බවත්, එන්නත් අනිවාර්ය කිරීමට තමන් කිසිම අවස්ථාවක, කිසිදු රටක් උනන්දු කර නොමැති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූග් පවසා ඇත.
'කොවිඩ් 19 ලොවටම බලපෑමක් කරන වසංගතයක්. එන්නත් ලබා ගැනීම ලොව සෑම කෙනකුගේම වගකීමක්. අප සැමවිටම කියන්නේ වගකීමක් ඇති පුරවැසියකු ලෙස සෑම කෙනකුම එන්නත් ලබා ගැනීම කළ යුතුයි කියායි. ඒත් එන්නත බලෙන් කාටවත් ලබා දෙන්න අප උපදෙස් දී නැහැ. එන්නත් බලෙන් ලබා දීමට කටයුතු කිරීම සමාජිය වශයෙන් අවිශ්වාසයක් නිර්මාණය වීම, ගැටුම් නිර්මාණය වීම සහ සමාජ නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට හේතුවක් වේවි' යැයි යුරෝපා කලාපීය ප්‍රධානී හාන්ස් ක්ලූග් පැහැදිලි කර තිබේ.
මේ වනවිට යුරෝපා කලාපයේ 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ ඉහළ අගයක් ගෙන තිබේ. ඊට අමතරව, යුරෝපා රටවල් රැසකින් 'ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදය ද වාර්තා වීමට පටන්ගෙන ඇත.
ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය ඇතුළු රටවල් බොහොමයක්, එන්නත් අනිවාර්ය කර ඇති අතර, එන්නත් ලබා ගැනීමට අදිමදි කරන එම රටවල වැසියන් ඊට එරෙහිව රජය සමඟ ගැටුම් ඇති කර ගනී.
'එන්නත සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් ගොඩනැගීම රජයේ වගකීමයි. සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමයි. විශ්වාසය දිනා ගැනිමෙන් එන්නත්කරණ වැඩසටහන් පුළුල් කිරීම මෙම අවස්ථාවේදී කළ යුතුයි. එන්නත් අනිවාර්ය කරමින්, බලෙන් එන්නත් දීමට යෑමෙන් සිදුවන්නේ අවුල් සහගත තත්ත්වයක් නිර්මාණය වීමයි. එය කොවිඩ් 19 වසංගතය උත්සන්න කිරීමට ද හේතු වෙනවා' යැයි හාන්ස් ක්ලූග් පෙන්වා දී තිබේ.
(රොයිටර්)
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
එන්නත් අනිවාර්ය කිරීම අවසන් විකල්පයයි
de silva Wednesday, 08 December 2021 11:25 AM
ලංකාවෙත් එන්නත අනිවාර්ය කරන්න...