‘කෝවිඩ්-19’ යනුවෙන් නම් කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් පොන් යැන්ග් නගරයේදී පැවැත්වීමට මැරතන් තරගය අවලංගු කිරීමට උතුරු කොරියාව තීරණය කර ඇත. පොන් යැන්ග් මැරතන් තරගය උතුරු කොරියාවේ ප්‍රධානතම ආදායම් මාර්ගයක් වන අතර මෙම මැරතන් තරගයෙන් උතුරු කොරියාව විශාල සංචාරක ආදායමක් උපයාගනී.
ලොවෙන් හුදෙකලා වූ රටක් වන උතුරු කොරියාවේ එකම මිතුරා චීනයයි.
මෙම මැරතන් තරගයට සහභාගී වීමටත් තරගය නැරැඹීමටත් චීන තරුණ තරුණියෝ උතුරු කොරියාවට යති.
එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙම මැරතන් තරගය පැවැත්වීමට කටයුතු යොදා තිබුණු අතර එය අවලංගු කළ බවට තොරතුරු ලැබී ඇති බවත් එය තහවුරැ කළ හැකි බවත් උතුරු කොරියාවට සංචාරකයන් රුගෙන යන ප්‍රධාන සමාගමක් අද (21) සඳහන් කළේය.
කොරෝනා වයිරසය උතුරු කොරියාව තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා චීනය සමඟ තිබෙන දේශසීමාව වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති අතර මැරතන් තරගය අවලංගු කර ඇත්තේ එහි පියවරක් ලෙස යැයි ද එම සමාගම කීවේය.
පොන් යැන්ග් මැරතන් තරගය වාර්ෂිකව පැවැත්වෙන්නකි. සෑම වසරකම අප්‍රේල් මාසයේදී මෙම මැරතන් තරගය පැවැත්වෙන අතර වත්මන් උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුන්ගේ ඡන්මදිනය ද මෙහිදි සැමරේ. උතුරු කොරියාවේ පළමු නායකයා වන කිම් ඉල් සුන් උපත ලැබුවේ 1912 වසරේ අප්‍රේල් මාසයේදීය.
මෙම මැරතන් තරගයට චීනයට අමතරව වෙනත් රටවල ජාතිකයෝ ද සහභාගී වෙති. පසුගිය වසරේ පැවැති මැරතන් තරගයට බටහිර රටවල තරගකරුවෝ 1,000කට වැඩි පිරිසක් සහභාගී වූ බව සංවිධායකයෝ කීහ. තරගයට සහභාගී වීම සඳහා ඇමෙරිකානු ඩොලර් 150ක ඇතුළුවීමේ ගාස්තුවක් ගෙවිය යුතුය.
ඒ.එෆ්.පී.
(055)
2025 නොවැම්බර් මස 04
754
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
උතුරු කොරියාවේ මැරතන් තරගයක් අවලංගු කරයි